රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් වාර්තාව ජනපතිට පිළිගන්වයි

2025 ජනවාරි 01 වැනිදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව ජනපතිට පිරිනමා තිබෙනවා.

ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව එම කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු කමිටු සාමාජිකයින් විසින් අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබූ අතර ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ; අදාළ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවයි.

මෙම වැටුප් ඉහළ දැමීමේ ක්‍රමවේදය මුළුමනින් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින එකඟතා, ගිවිසුමෙහි කොන්දේසිවලට අනුකූලව සිදු කර ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

2025 ජනවාරි 01 වැනිදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව ඊයේ (02) නිල වශයෙන් දැනුම්දුන් අතර ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මූලික වැටුප් 24% සිට 50%-60% දක්වා වූ පරාසයකින් වැඩිවන බවත්; වැටුප් වැඩිවීමේ වාසිය විශ්‍රාමිකයන්ටත් හිමිවන බවත් එහි සඳහන්.

රාජ්‍ය අංශයේ වැටුප් හා දීමනා ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වූ විශේෂඥ කමිටුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විතව 2024 ජූනි 12 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරනු ලැබුවා.

හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරන්සා කලුතන්ත්‍රි, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර, ආයතන අධ්‍යක්ෂ ජනරාල් එච්.ඒ. චන්දන කුමාරසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව, BCS International Technology PTY LTD හි ප්‍රධාන මහජන නිලධාරි චන්දි එච්. ධර්මරත්න, කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) ඉසුරු තිලකවර්ධන, ජනාධිපති අතිරේක ලේකම් ජී.එල්. වර්ණන් පෙරේරා යන මහත්ම මහත්මීහු කටයුතු කළා.

මාස 03ක් ඇතුළත අදාළ අවසන් වාර්තාව ලබාදීමට කමිටුවට නියම කෙරුණු අතර කරුණු 18ක් යටතේ රාජ්‍ය සේවයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සහ වැටුප් වර්ධක වැඩි කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය අදාළ වාර්තාවෙන් ඉදිරිපත් කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ අදාළ කමිටු වාර්තාවේ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන බවත්, එම වාර්තාවේ නිර්දේශවල සඳහන් වන ආකාරයට සියලු දෙනාගේ ආදායම් වැඩිකර දීම තමන්ගේ ද අපේක්ෂාව වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58