spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගමන් ගත් රථය අනතුරකට ලක්වෙයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් කරමින් තිබූ ජීප් රථය මාරවිල, මෝදරවැල්ල ප්‍රදේශයේ දී අද (29) අනතුරට ලක්ව තිබෙනවා.

එම රථය තවත් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

අනතුරෙන් පසු අනෙක් රථයේ රියදුරා සහ පිරිසක් විසින් රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරාට පහර දී ඇති බවයි මාරවිල පොලිසිය සඳහන් කළේ.

ඒ, සම්බන්ධයෙන් රියදුරා විසින් පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති අතර, ඔහු මේ වනවිට මාරවිල රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවයි මාරවිල පොලිසියේ උසස් නිලධාරියෙක් අප සමඟ ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ රියදුරා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද අදාළ පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර අනෙක් පාර්ශ්වය පවසන්නේ එවැනි පහරදීමක් අමාත්‍යවරයාගේ රියදුරාට සිදුනොකළ බවයි.

කෙසේ වෙතත් මෙම අනතුරින් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති අතර, අනතුරෙන් පසු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙනත් රථයකින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
3
+1
63
+1
1
+1
1
+1
1
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?