රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සොයන්න සුපිලිපන්න නිලධාරියෙකු පත් කරන්න අවධානය

ඇතැම් රාජ්‍ය ආයතනවල පවතින දූෂණ අක්‍රමිකතා සොයා බැලීම සඳහා ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳව විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා වී තිබෙනවා.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සුපිරිපන්න නිලධාරියෙකු පත් කිරීම ඔස්සේ රාජ්‍ය ආයතනවල දූෂණ අක්‍රමිකතා මැඩලීමේ අවශ්‍යතාවය කාරක සභාව විසින් දැඩිව අවධාරණය කරනු ලැබුවා.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙදින කාරක සභාව හමුවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කැඳවා තිබුණා.

මෙහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා දක්ෂ නිලධාරීන් බඳවා ගැනීමට නොහැකි වී ඇති බවයි එම කොමිසමේ නිලධාරීන් කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ. අදාළ තනතුරු සඳහා ප්‍රමාණවත් වැටුප් නොලැබීම හේතු කොටගෙන මෙලස දක්ෂ නිලධාරීන් බඳවා ගැනීමට නොහැකි වී ඇති බව ද වැඩි දුරටත් අදහස් දක්වමින් එම නිලධාරීන් සඳහන් කළා.

නීතිපති දෙපාර්තමේන්තුවේ වැටුප් තල සමග ගලපමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා වැටුප් ලබා දීමට කටයුතු කරන ලෙසටයි එම කොමිසමේ නිලධාරීන් කාරක සභාවෙන් ඉල්ලීමක් කළේ.

ඒ අනුව කාර්යක්ෂම ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සේවය ලබා ගැනීමටනම් එම නිලධාරීන් නිවැරදි වැටුප් තලවල පිහිටුවා වැටුප් ලබා දිය යුතු බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා. එම වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් කාරක සභාවේ නිර්දේශ අදාළ අංශ වෙත ලබා දීමට කටයුතු කරන බවයි සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

නව පනත මගින් පෙරට වඩා වැඩි අංශ ගණනක වීමර්ශන කටයුතු සිදු කිරීමේ බලය තමන්ට ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා වීමර්ශන කොමිසමේ නිලධාරීන් කාරක සභාවට දැනුම් දෙනු ලැබුවා. එමෙන්ම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන සියලුම පුද්ගලයින්ගෙන් එම ප්‍රකාශ ලබාගැනීමේ අයිතිය තමන් සතු බවත් එම ක්‍රියාවලිය ඉලෙක්ට්‍රොනික ක්‍රම වේදයකට (electronic system )සිදු කළයුතු බව ද එම නිලධාරීන ප්‍රකාශ කළා. නමුත් අවශ්‍ය ඉලෙක්ට්‍රොනික පද්ධතියක්, තාක්ෂණික උපකරණ ඒ සඳහා නොමැති වීම හේතුවෙන් එම ක්‍රියාවලිය ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවයි එම නිලධාරීන් කරුණු දක්වමින් කාරක සභාවට පෙන්වා දුන්නේ.

අල්ලස් හෝ දූෂණ අක්‍රමිකතා අවම කිරීම පිණිස එම කොමිසම විසින් සමාජය තුළ සිදු කරනු ලබන දැනුවත් කිරීම අඛණ්ඩව සිදු කිරීමටත් එම දැනුවත් කිරීම් ප්‍රමාණයන් වැඩි කරන ලෙසත් සභාපතිවරයා විසින් මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22