රාජ්‍ය අමාත්‍යාංශ හතරක විෂය පථයන් ගැසට් කෙරේ

රාජ්‍ය අමාත්‍යාංශ හතරකට අදාළ විෂය පථයන් මේ වනවිට ගැසට් කර තිබෙනවා.

සෞඛ්‍ය,විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන හා මහා මාර්ග සහ ජනමාධ්‍ය යන රාජ්‍ය අමාත්‍යාංශවලට අයත් විෂය පථයනුයි මෙලෙස ගැසට් කර ඇත්තේ.

ඒ, අනුව තැපැල් දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයන්ට අයත්.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, ලක්දිව ඉංජිනේරු සමාගම, මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති පාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම්, සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් මඟ නැගුම අංශය සහ රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාව ප්‍රවාහන හා මහා මාර්ග රාජ්‍ය අමාත්‍යාංශයට අයත් විෂය පථයන් වනවා.

මේ අතර තැපැල් දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට ගැසට්කර තිබෙනවා.

එමෙන්ම සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව, 1990 සුවසැරිය පදනම, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය යන ආයතන, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේද වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යන ආයතනවලට අයත්.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය යටතට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම, ත්‍රිකුණාමලය ඛනිජ තෙල් පර්යන්ත සමාගම, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කිහිපයකට විෂය පථයන් ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:14:51
Video thumbnail
"බලන්න ගඳ..තනිකර අසූචිනේ ගලන්නේ"නාවලපිටියේ මහ රෝහලෙන් යන අප ද්‍රව්‍ය නිසා වෙළෙඳුන්ට යකා නගියි
07:01
Video thumbnail
රෙදිපිළි වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න
01:22
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන සංවේදී වී හෙක්ටර්, කාවින්ද කියූ කතාව..සාධාරණය වෙනකල් දිවි හිමියෙන් වැඩ කරනවා
07:20
Video thumbnail
රෙදිපිළි වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න - "ආයේ වැඩක් නෑ..ඔක්කොම අළුවෙලා"
02:08
Video thumbnail
ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:04
Video thumbnail
ඉන්ධන ගහන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතු‍රෙන් තරුණයකුට බරපතළයි
00:39
Video thumbnail
ඉන්ධන ගහන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතු‍රෙන් 29 හැවිරිදි තරුණයකුට බරපතළයි
01:52