රන් මිල ඉහළට : කැරට් 24 පවුමක මිල වැඩිවූ හැටි මෙන්න

අද දිනයේදී මෙරට වෙළෙදපොලේ රන් මිලෙහි ඉහළ යෑමක් පෙන්නුම් කරනු ලැබුවා. කොළඹ හෙට්ටිවිදියේ රන් ආභරණ නිෂ්පාදක කරුවන්ගේ මිල ගණන් වලට අනුව කැරට් 22 රන් පවුමක මිල රු.122,100ක් ලෙස දැක්වූ අතර කැරට් 24 රන් පවුමක මිල රු.132,000ක් ලෙස දැක්වුණා.

ආසියානු වෙළදපොළේ රන් අවුන්සිලයක මිල අද ඇමරිකානු ඩොලර් 2000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

රුසියානු – යුක්රේන අර්බුදය හමුවේ සුරක්ෂිත ආයෝජනයක් ලෙස රන් මිල මෙලෙස වසර 1 1/2කින් ඉහළම අගයට පත්වූ අතර ආසියානු වෙළදපොළේ එම මිල සටහන් වූයේ ඩොලර් 2000.86ක් ලෙසයි.

ජාත්‍යන්තර වෙළදපොළේ අත්පිට රන් ගැනුම් මිල ද ඩොලර් 2000.69 දක්වා ඉහළ ගිය අතර පසුව එය ඩොලර් 1998.38 දක්වා පහත බසිනු ලැබුවා..

ඇමරිකානු වෙළදපොළේ රන් ගැනුම් මිල ද සියයට 1.7කින් ඉහළ ගොස් සටහන් වූයේ ඩොලර් 2000.20ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?