රන් බුදුපිළිම හා පෞරාණික උපකරණ තොගයක් සමඟ හිමිනමක් අත්අඩංගුවට

පෞරාණික වටිනාකමින් යුත් රන් බුදුපිළිම හා තවත් වටිනා පෞරාණික උපකරණ තොගයක් සමඟ විහාරාධිපති හිමි නමක් හා පුද්ගලයෙක් අද (11) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නෙලුව පාර, 5 කණුව, පැලවත්ත ලිපනයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු සහ එයට අනුබල දුන් යට්ටපාත, 7 කණුව, සදහම් ගඟුල විහාරස්ථානයේ 64 හැවිරිදි විහාරාධිපති හිමියන්ය බව මීගහතැන්න පොලිසිය පවසනවා.

මීගහතැන්න ලිහිණියාව කණිෂ්ඨ විද්‍යාලය අසළදී ලද තොරතුරුකට අනුව වැලිපැන්න පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එක්ව සිදු කළ වැටලීමකදී නෙලුව පාර, 7 කණුව, පැලවත්ත ලිපිනයේ පිහිටි ශ්‍රී සදහම් ගගුල විහාරස්ථානයේ සිට ප්‍රවාහනය කරමින් තිබූ පෞරාණික වටිනාකමකින් යුත් රන් බුදු පිළිමයක්, කිරිගරුඬ පිලිමයක්, රත්හදුන් පිලිමයක්,
ඇත්දල දෙකක්, ගල් පිලිමයක්, සෙනර වලිග 2ක් (කළු සුදු), කස්තුරි, පැරණි මුදල් නොට්ටු හා කාසි කිහිපයක් ජෝජ් රජුගේ රැව සහිත පීරිසි කොප්ප 1 ඇතුළු භාණ්ඩ කීපයක් ප්‍රවාහනය කළ යතුරුපැදීයද අත්අඩංගුවට ගෙන මීගහතැන්න පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

මීගහතැන්න පොලිස් ස්ථානාධිපති තුමා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර හෙට (12)දින හිමිනම මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51