අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව විසින් අද (04) උදෑසන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (04) පෙරවරු 09.00ට පමණ නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත පැමිණියා.
එලෙස පැමිණි අවස්ථාවේ දී ඔහුගෙන් ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරව මන්ත්‍රීවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.













