ගිරිඋල්ල පොලිස් වසමේ දඹදෙනියේ පිහිටා ඇති ඓතිහාසික දඹදෙනිය විහාරස්ථානයේ දළදා පෙරහර 2026.09.05 දින ගිරිඋල්ල, නාරම්මල ප්රධාන මාර්ගයේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
ඒ හේතුවෙන් පෙරහර ගමන් ගන්නා මාර්ගයන්හි රථවාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.
එම පෙරහර හෙට (05) දින රාත්රී 08.00ට විහාරස්ථානයෙන් ආරම්භ වී කාර්මාන්තපුරය ශාන්ත බණ්ඩාර ක්රීඩාංගනය සමුපකාර ඉන්ධන හල දක්වා ගමන් කර දකුණ හැරී දඹදෙණිය නගරය දෙසට ගමන් කර මහගෙදර හන්දියෙන් වමට හැරී ඔබේසේකර පුර හන්දියෙන් ඉදිරියට ගමන් කර නැවත දඹදෙණිය සමුපකාර ඉන්ධන හල අසලින් විහාරස්ථානය වෙතපැමිණීමට නියමිතයි.
ඒ අනුව ඉහත මාර්ගය භාවිතා කරන රියැදුරන් පහත විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පොලිසිය විසින් යෝජනා කර තිබෙන විකල්ප මාර්ග –
ගිරිඋල්ල නාරම්මල ප්රධාන මාර්ගයේ නාරම්මල දෙස සිට පැමිණෙන සියළුම බර වාහන මුතුගල හන්දියෙන් ඇතුළු කර අලව්ව මාර්ගයට පිවිසිය හැක.
ගිරිඋල්ල නාරම්මල ප්රධාන මාර්ගයේ නාරම්මල දෙස සිට පැමිණෙන සැහැල්ලු වාහන මුතුගල හන්දියෙන් ඇති අලව්ව මාර්ගයට පිවිසිය හැක.
මීගමුව නාරම්මල මාර්ගයේ නාරම්මල දෙසට ධාවනය කරන සියළුම බර වාහන ඇතුළු සැහැල්ලු වාහන මාහරගම හන්දිය හරහා අලව්ව මාර්ගයට පිවිසිය හැකිය.
මුතුගල, ගිරිඋල්ල අතර දිවෙන රථවාහන මුතුගල හන්දිය හරහා කුඩගම්මන ප්රදේශයෙන් අලව්ව මාර්ගයට පිවිසිය හැක.













