හෙට දිනයේ දී පොලිසියෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

ගිරිඋල්ල පොලිස් වසමේ දඹදෙනියේ පිහිටා ඇති ඓතිහාසික දඹදෙනිය විහාරස්ථානයේ දළදා පෙරහර 2026.09.05 දින ගිරිඋල්ල, නාරම්මල ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ හේතුවෙන් පෙරහර ගමන් ගන්නා මාර්ගයන්හි රථවාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.

එම පෙරහර හෙට (05) දින රාත්‍රී 08.00ට විහාරස්ථානයෙන් ආරම්භ වී කාර්මාන්තපුරය ශාන්ත බණ්ඩාර ක්‍රීඩාංගනය සමුපකාර ඉන්ධන හල දක්වා ගමන් කර දකුණ හැරී දඹදෙණිය නගරය දෙසට ගමන් කර මහගෙදර හන්දියෙන් වමට හැරී ඔබේසේකර පුර හන්දියෙන් ඉදිරියට ගමන් කර නැවත දඹදෙණිය සමුපකාර ඉන්ධන හල අසලින් විහාරස්ථානය වෙතපැමිණීමට නියමිතයි.

ඒ අනුව ඉහත මාර්ගය භාවිතා කරන රියැදුරන් පහත විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පොලිසිය විසින් යෝජනා කර තිබෙන විකල්ප මාර්ග –

ගිරිඋල්ල නාරම්මල ප්‍රධාන මාර්ගයේ නාරම්මල දෙස සිට පැමිණෙන සියළුම බර වාහන මුතුගල හන්දියෙන් ඇතුළු කර අලව්ව මාර්ගයට පිවිසිය හැක.

ගිරිඋල්ල නාරම්මල ප්‍රධාන මාර්ගයේ නාරම්මල දෙස සිට පැමිණෙන සැහැල්ලු වාහන මුතුගල හන්දියෙන් ඇති අලව්ව මාර්ගයට පිවිසිය හැක.

මීගමුව නාරම්මල මාර්ගයේ නාරම්මල දෙසට ධාවනය කරන සියළුම බර වාහන ඇතුළු සැහැල්ලු වාහන මාහරගම හන්දිය හරහා අලව්ව මාර්ගයට පිවිසිය හැකිය.

මුතුගල, ගිරිඋල්ල අතර දිවෙන රථවාහන මුතුගල හන්දිය හරහා කුඩගම්මන ප්‍රදේශයෙන් අලව්ව මාර්ගයට පිවිසිය හැක.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05