Indian Premier League

රත්තරං ජෙල් කිලෝ 05ක් රහස් ප්‍රදේශයේ සඟවාගෙන ආ සුරූපී තරුණිය කටුනායකදී කොටු

රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් සහිත රත්තරන් ජෙල් ද්‍රාවණයක් අඩංගු පාර්සල් 04 ක් ,තම සිරුරේ රහස් ප්‍රදේශයේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක් 07/04 දින උදෑසන ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව එම ආරක්ෂක අංශයේ උසස් නිලධාරීවරයෙකු අප වාර්තාකරු හට පවසා තිබෙනවා.

 24 හැවිරිදි මෙම තරුණිය කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ රූපලාවන්‍ය භාණ්ඩඅලෙවි කරන සාප්පුවක සේවිකාවක් බවයි වාර්තා වන්නේ.

ඇය කිලෝ ග්‍රෑම් 05 කට අධික බරකින් යුතු රත්තරන් ජෙල් අඩංගු පාර්සල් 04 ක් සිය සිරුරේ රහස් ප්‍රදේශයේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් 07/04 දින උදෑසන 08.45 ට පමණ  පිටතට යමින් සිටියදී , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතියෙන් නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

 මේ වනවිට මෙම තරුණිය සහ අත් අඩංගුවට ගෙන ඇති රත්තරන් ජෙල් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
7
+1
73
+1
13
+1
6
+1
12
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?