රට යවනවා කියලා ලක්ෂ 42කට විදලා – පැමිණිලි හයකට කතක් අත්අඩංගුවට

විදෙස් ගතකරන බව පවසා පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 42කට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසනවා.

සැකකාරිය ඊයේ (16) පස්වරුවේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මැය සම්බන්ධයෙන් පොලිසියට ලැබී තිබූ පැමිණිලි 06ක් සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණා.

අත්අඩංගුවට ගැනුණු වයස අවුරුදු 46ක් වන සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?