spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටම බිය ගන්වමින් වැලිගම බෝම්බයක් පුපුරුවාහරි

වැලිගම විජයාරාම මාවතේ කුණු ගොඩක තිබු පීඩන බෝම්බයක් බවට සැක කෙරෙන උපකරණයක් වැලිගම සේනානායක ක්‍රීඩාංගනයේදි ඊයේ (8 ) දින පස්වරුවේදි පුපුරවා හැරීමට කටයුතු කල බව වැලිගම පොලිසිය පවසනවා.

වැලිගම නගර සභාවේ සේවකයන් පිරිසක් විසින් දින කිහිපයක සිට වැලිගම විජයාරාම ප්‍රදේශයේ මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරමින් සිට ඇති අතර එහිදී බෝම්බයක් බවට සැක කෙරෙන උපකරණයක් හමුවී තිබේ.

අනතුරුව වැඩ පරික්ෂක සුජිත් ඉන්දික මහතා විසින් නගරාධිපතිනි යමුනා පුංචිහේවා මහත්මිය වෙත දැනුම් දීමෙන් පසු විශ්‍රාමික කමාන්ඩෝ සෙබළෙකු වන ජයරත්න බණ්ඩාර විසින් මෙම උපකරණය බෝම්බයක් බවට හඳුනාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

පසුව වැලිගම පොලිස් ස්ථානයට දැනුම් දී එම ස්ථානයේ ආරක්ෂාව තර කරන ලද අතර පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ අක්මීමන කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ පීඩන බෝම්බයක් බවට සැකකරන උපකරණය අධිකරණ නියෝග මත වැලිගම සේනානායක ක්‍රීඩාංගනයේදී පුපුරුවා හැරීමට කටයුතු කර තිබිණි

මෙය පීඩන බෝම්බයක් බවට සැක කරණ බවද එය හඳුනා ගැනීමට අදාල තොරතුරු කිසිවක් නොමැතිබව පොලිසිය කියයි

එම උපකරණය කවුරුන් විසින් එම ස්ථානයට ගෙනැවිත් දැම්මාද පිළිබඳව තොරතුරක් නොමැති බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරීක්ෂණ කටයුතු මෙහෙයවති

වැලිගම ගොසිප් ලංකා ප්‍රාදේශීය වාර්තාකරු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?