කාලයක් මෙරට සමාජය තුළ දැඩි ආන්දෝලනාත්මක පුවත් බෞද්ධාගම පිළිබඳ ව මැවූ පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමිපාණන් උපැවිදි වී රට හැර ගිය බව දැක්වෙන නිල සටහනක් ඊයේ (02) දින වාර්තා වුණා.
ඒ උන්වහන්සේ විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් හේතුවෙන්.
පසුව උන්වහන්සේ ඊයේ පස්වරුව වන විට ම සිය ‘ලොකු ස්වාමීන් වහන්සේ’ යැයි හැඳින්වූ භික්ෂුවක් උදෙසා ද ස්තුතිය පළ කරමින් මෙන් ම තමන් උපැවිදි වීමට බලපෑ හේතු කාරණා දක්වමින් දීර්ඝ සටහනක් ද තබා තිබුණු අතර එය ශීඝ්‍රයෙන් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙන්නට පටන් ගත්තා.
තොරතුරු වාර්තා වන පරිදි උපැවිදි ධම්මවිජය අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබෙනවා.
උපැවිදි ධම්මවිජය සිය එක්ලක්ෂ පහළොස් දහසක් පමණ මිතුරන් සිටිනා සිය නිල ෆේස්බුක් ගිණුම ද අක්‍රීය කර ඇති බවටයි වාර්තා වන්නේ.
පසුගිය ආණ්ඩු විරෝධී සමයේ විරෝධතා දක්වන පිරිසට සහ ජනතා විමුක්ති පෙරමුණට දිගින් දිගටම ධම්මවිජය හිමියන්ගෙන් විරෝධතා එල්ල වුණා.