Fly high Get bonus Aviator Phone

රටම කතා වූ SI මහත්තයාට ස්ථාන මාරුවක් ලබාදුන් කතාව බොරුවක්

සිරි දළඳා වන්දනාව සඳහා මහනුවර නගරයේ පෝලිමේ රැඳී සිටින බැතිමතුන්ට ධර්මය පිළිබඳව දැනුම්වත් කිරීම් සිදුකරන පොලිස් පරීක්ෂකවරයෙක් පිළිබඳව වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පසුගිය දා සංසරණය වුණා.

කෙසේ වෙතත් එම පොලිස් නිලධාරියාට ස්ථාන මාරුවීමක් ලබාදී ඇති බවට පුවතක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මෙහි සත්‍යතාවය පිළිබදව දසත නිවුස්; පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගගෙන විමසා සිටියා.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අදාළ පොලිස් නිලධාරියට එවැනි ආකාරයේ ස්ථාන මාරුවීමක් පොලිස් දෙපාර්තමේන්තුව මඟින් ලබා දී නොමැති බවයි.

සිරි දළඳා වන්දනාවේ ආරක්ෂක රාජකාරී සඳහා යොදවා සිටි අදාළ පොලිස් නිලධාරියා පසුගිය දින කිහිපයේ රාජකාරී කටයුතු කළ ස්ථානයෙන් වෙනත් තැනකට, සිරි දළඳා වන්දනාවේ රාජකාරී වෙනුවෙන් යොමුකිරීමක් පමණක් සිදුකර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අදාළ නිලධාරියා සිරි දළඳා වන්දනාවේ ආරක්ෂක රාජකාරී කටයුතුවලින් ඉවත්කර වෙනත් පොලිස් ස්ථානයකට හෝ වෙනත් ප්‍රදේශයකට ස්ථාන මාරුවීමක් ලබාදීමක් කිසිසේත්ම සිදුකර නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග වැඩිදුරටත් අවධාරණය කළේ.

දැක්මේ ජනතාවට ආර්ය අෂ්ටාංගික මාර්ග පිළිබඳ ව දැනුම ලබාදුන් S I මහත්තයාට හදිසි ස්ථාන මාරුවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
5
+1
2
+1
2
+1
2
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?