රජයේ රෝහල්වලට පැමිණෙන අයට පණිවුඩයක්

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 16ක් ඒකාබද්ධව අද (09) දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වේ.

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ අද පෙරවරු 07 සිට හෙට පෙරවරු 07 දක්වා ‍වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවය.

“හෙද සේවාව පරිපූරක සේවාව සහ අතුරු වෛද්‍ය සේවාව නියෝජනය කරන සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සංගමය අද උදේ 7ට දිවයින පුරා සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කරනවා. වැඩ වර්ජනය හෙට උදේ 7 දක්වා ක්‍රියාත්මක විමට නියමිතයි. මේ සඳහා වෘත්තීයවේදී සේවා 16ක්,  වෘත්තීය සමිති 16 විදියට නිලධාරි සංඛ්‍යාව 50,000කට ආසන්න සංඛ්‍යාවකට ආසන්න ප්‍රමාණයකට සම්බන්ධ වෙන්නවා. මේ ක්‍රියාමාර්ගය තුළ අත්‍යාවශ්‍ය අධි සේවාවන් පවත්වාගෙන යන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම කොවිඩ් රෝහල්වල ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. රිජ්වේ රෝහල, පිළිකා රෝහල කාසල් විදීය කාන්නා රෝහල වැනි විශේෂිත රෝහල් ස්වෙච්ඡාවෙන් සම්පූර්ණයෙන්ම කටයුතු කරගෙන යනවා. වැඩ වර්ජනයට මූලික හේතුව වෙන්නේ ආණ්ඩුව වෘත්තීයවේදීන්ගේ ප්‍රශ්න නොසලකා හැරීම. හෙද සේවාවේ විතරක් උසස්වීම්  විෂමතාවයට ලක්වුණු 13,000ක ප්‍රමාණයක් ඉන්නවා. ඒ ප්‍රශ්නය නිරාකරණය කරන්න ආණ්ඩුව කටයුතු කරලා නෑ. පරිපූරක සේවාවෙත් එ‌හෙමයි. අතුරු වෛදය සේවාවෙත් එ‌හෙමයි. එ‌හෙම දීමනා විෂමතාවයක් තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය සේවාවව සංවෘත සේවාවක් කරන්න අපි පසුගිය රජය කාළේ කැබිනට් පත්‍රිකාවක් අනුමත කළා. ඒක මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ නෑ. මේ ක්‍රියාමාර්ගය තුළ ආණ්ඩුව විසදුමක් දෙන්නේ නැත්නම් අපි මීට වඩා බරපතළ ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් අවධාරණය කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිවෙකුට අපිව පරාජය කරන්න බැහැ..පිටින් වගේම අභ්‍යන්තරයෙත් අපිට අභියෝග තියෙනවා
10:18
Video thumbnail
කළුතරදී යකා නටපු පුද්ගලයෙක්ට වැඩ වරදියි
00:58
Video thumbnail
ජාතික පරිසර පනත ගැන සජිත්ගෙන් ප්‍රබල ප්‍රකාශයක් - පාරිභෝගිකයට බෑනේ නිෂ්පාදනකරුවට බලපෑම් කරන්න
03:54
Video thumbnail
දොර කාගෙහරි වාහනයක වැදෙනකන් දන්නේ නෑනේ - රියදුරෙක් මීට වඩා අවධානයෙන් ඉන්න ඕනි
01:43
Video thumbnail
එදා බලයේ හිටපු අය යට ගැසූ බොහෝදේ දැන් එළිවෙමින් පවතිනවා - කදිනල් හිමි කළ හෙළිදරව්ව
08:09
Video thumbnail
හිටපු පාලකයන්ට කාදිනල් හිමිගෙන් සැර කතාවක් - පාස්කුවේ තිබුණ සාක්ෂිත් විකෘති කරපු එක කළේ
05:55
Video thumbnail
නිෂ්පාදනය රටේ Brand එකක් විදියට ඉස්සරහට යනකල් දියුණුවක් වෙන්නේ නෑ
03:11
Video thumbnail
වෙනස්වීම්වලට මුහුණ දෙන්න ක්‍රමයක් රටේ නෑ - අපේ ක්‍රමයන්වලින් ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනි
02:19
Video thumbnail
උහුලන්න බැරි තරමට රජයන් IMF සහයෝගයෙන් බදු අය කරනවා..ඇදගෙන යන්න තරම් සංකල්ප නෑ
04:32
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන මහජනතාව විශේෂ දැනුවත් කිරීමක් - ජලය කළමණාකරනය කළොත් මේකට මුහුණදෙන්න පුළුවන්
09:46