රජයේ ඉලක්ක සපුරා ගැනීමට රාජ්‍ය සේවය මෙතෙක් ක්‍රියා කළ ආකාරය වෙනස් විය යුතුයි – ජනපති

රජයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා රාජ්‍ය සේවය මෙතෙක් කටයුතු කළ ආකාරය වෙනස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නිලධාරින් සමග අද (05) පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව කියා සිටි අතර ග්‍රාමීය සංවර්ධනය සඳහා රාජ්‍ය පරිපාලන සේවයේ සහාය අත්‍යවශ්‍ය බව ද හෙතෙම සඳහන් කළා.

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහළ නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.

රජයේ එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අත්‍යවශ්‍ය බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, රාජ්‍ය නිලධාරින් සතු අත්දැකීම් ඊට මනා පිටිවහලක් වන බව ද ප්‍රකාශ කළා.

රජයේ පරමාර්ථය සහ රාජ්‍ය සේවය ක්‍රියාත්මක වන ආකාරය අතර යම් පරතරයක් තිබෙන බවත්, රට සංවර්ධනය කරා ගෙන යන රජයේ වැඩපිළිවෙල සාක්ෂාත් කර ගැනීමට නම් රාජ්‍ය පරිපාලනය මෙතෙක් කටයුතු කළ ආකාරය වෙනස් විය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

රටේ වංචා දූෂණ නතර කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යභාරයක් වන බවත්, වංචා සහ දූෂණ හේතුවෙන් රටේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙන්ම අවසන් කිරීමට නොහැකි වී ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

රාජ්‍ය සේවය තුළ දේශපාලන අධිකාරිය වශයෙන් කිසිදු අත පෙවීමක් සිදු නොකරන බවත්, රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව සලසා දී තිබෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.

රටේ ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරී තිබෙන බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනතා සේවාවන් කප්පාදු කිරීමකින් තොරව රාජ්‍ය සේවය සඳහා කරන අනවශ්‍ය වියදම් අවම කර ගත යුතු බව ද පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල, ලේකම් ජයවීර ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු කමිටු සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51