spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යොවුන් වියේ පසු වූ තරුණියන් දෙදෙනෙකුගේ සිරුරු නිවසක් තුළ එල්ලෙයි (ඡායාරූප)

වයස අවුරුදු 17ක යොවුන් වියේ පසු වූ තරුණියන් දෙදෙනෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන සිටිය දී ඊයේ (16) පස්වරුවේ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

කිලිනොච්චිය, පෙරියපරන්තන් ප්‍රදේශයේ පිහිටි නිවසක තිබිය දී මොවුන් දෙදෙනාගේ සිරුරු සොයාගත් බවයි කිලිනොච්චිය පොලිසිය පැවසුවේ.

පෙරියපරන්තන් ප්‍රදේශයේ පදිංචිව සිටි සුරේෂ්කුමාර් තනිකේ සහ ලෝගේෂ්වරන් තමිලිනි නමැති තරුණියන් දෙදෙනෙක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

අදාළ මරණයන් සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

“අපගේ මරණයන්ට කිසිවෙකුත් වගකිව යුතු නෑ, අපිට ජීවත්වෙන්න බැරි නිසා අපි මැරෙනවා.මේ තීරණය අපේ තීරණයක්. කවුරුවත් අපි ගැන දුක් වෙන්න එපා. අපි පවුලේ අයට, යාළුවන්ට ගොඩාක් ආදරෙයි. සමාවෙන්න. සුභ ගමන්” යනුවෙන් මෙම තරුණියන් දෙදෙනා ලියූ බවට සැකකෙරෙන ලිපියක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Kilinochchi 3
Kilinochchi 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
33
+1
7
+1
5
+1
33
+1
9
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?