යුරෝපා පාර්ලිමේන්තුවේ දූත පිරිසක් කථානායක හමුවෙයි

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා.

යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපති හයිඩි හෝටලා (Heidi Hautala) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු කලාපයට අදාළ මෙම දූත පිරිසට පෝලන්තය, ෆින්ලන්තය, ජර්මනිය සහ ලිතුවේනියාව යන රටවලට අයත් සභිකයන් එක්ව සිටියා.

මෙරට ආර්ථික අර්බුදය සමනය කිරීම සදහා රජය ක්‍රියාමාර්ග ගෙන ඇති බව කථානායකවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

එසේම දූෂණ විරෝධී පනත සම්මත කිරීම, මූල්‍ය පාලන කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ විනිවිදබවකින් ඉටුකිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීම ආදී සාධනීය පියවර රැසක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ බව කථානායකවරයා සඳහන් කළා.

දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම, සියලු ජාතින් අතර සංහිඳියාව පවත්වා ගැනීම ඇතුලු කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බව සඳහන්.

දූත පිරිස පාර්ලිමේන්තු පරිශ්‍රයේ චාරිකාවක ද නිරත වී තිබෙනවා. අනතුරුව ඔවුහු ශ්‍රී ලංකා – යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජික මන්ත්‍රීවරයන් හමු වූ අතර කථානායකවරයා සමග පාර්ලිමේන්තුවේදී දිවා භෝජනයට ද එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගේ ආන්දෝලනාත්මට ඡායාරූපයක් ලීක්වෙයි ? සෙනෙහසේ කැඳැල්ල ගැන ඇස් උඩයන කරුණු රැසක් එළියට
28:36
Video thumbnail
සජිත් නිසා කථානායකට යකා නගියි - හොරාකාපු ඩොලර් මිලියන 2.5 ගැන සජිත් කට අරියි
09:36
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න
00:59
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..උණුසුම් තත්ත්වයක්
00:31
Video thumbnail
රනිල්ගේ නඩුවට තොරතුරු එකතු කරන්න ගිය සිද්ධිය ගැන කතක් කට අරියි - තොරතුරු දැනගැනීමේ පනත බ##ට දාලා
07:22
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ලක්මාලි නැගිටලා නාමල්ට හොඳ පදෙන්ම අමතයි - සිහිවිකල්වෙලා වගේ කතා කරන්න දෙන්න බෑ..මොන හයියක්ද ?
10:23
Video thumbnail
සජිත් පොරොන්දු ගැන කියලා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි - ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලුවේ
08:04
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ මූණ අල්ලලා කිව්ව දේ..උද්ඝෝෂණයට එක්වුණු නාමල්, චානක ඇතුළු ප්‍රබලයෝ
02:52