spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුද විජයග්‍රහණයට අදට වසර 12යි

රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරදවා රටට සැබෑ නිදහස උදා කළ රණවිරු විජයග්‍රහණයට අදට වසර 12ක් සපිරෙනවා.

2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එම සංවිධානයේ නායකයින් මිය යාමත් සමඟ වසර 30ක සිට මෙරට වෙලාගෙන තිබූ ත්‍රස්තවාදයට මානුෂීය මෙහෙයුමකින් පසු තිත තබන්නට මෙරට රණවිරුවන්ට හැකියාව ලැබුණා.

මේ අතර යුද ජයග්‍රහණයේ 12 වන සැමරුම් උත්සවය බත්තරමුල්ල – ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියස දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වීමට නියමිතයි.

මෙවරත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අඩු පිරිසකගේ සහභාගීත්වයෙන් එය පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි රණවිරු සේවා අධිකාරිය සඳහන් කළේ.  

2009 වසරේ මැයි මසයේදී අවසන් වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහි සටනේදී යුද හමුදාවේ 23,962 දෙනෙකු, නාවික හමුදාවේ 1160 දෙනෙකු, ගුවන් හමුදාවේ 443 දෙනෙකු සහ පොලීසියේ 2598 දෙනෙකු මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 456 දෙනෙකු දිවි පිදුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?