යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරෙන අද සේනාධිනායකයාගේ සමාජ මාධ්‍යවල කිසිඳු සටහනක් නැහැ

යුද ජයග්‍රහණයට වසර 16ක් සම්පූර්ණ වන අද දිනයේ දී සේනාධිනායකයා ලෙස ජනපති අනුර කුමාර දිසානායකගේ නිල සමාජ මාධ්‍යවල ඒ සම්බන්ධයෙන් කිසිදු සටහනක් නොමැති වීම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

පාට, පක්ෂ භේදයකින් තොරව 30 වසරක කුරිරු යුද්ධය නිමාකර අදට වසර 16 ක් සපිරෙද්දී ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ සටහනක් නොමැතිවීම පුදුමයට කරුණක් බවයි බොහෝ දෙනා අදහස් පලකරන්නේ.

කෙසේ වෙතත් හෙට (19) දිනයේ පැවැත්වෙන ජාතික රණවිරු සැමරුමට ජනාධිපතිවරයා එක්වීමට මේ වනවිට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයා මීට පෙර මෙම සැමරුමට සහභාගී නොවීමේ තීරණය සම්බන්ධව සමාජ මාධ්‍ය හරහා පසුගිය දින දෙකේ දැඩි විරෝධතාවක් එල්ල වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
3
+1
24
+1
3
+1
8
+1
2
+1
20
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?