යුද ගැටුම් මධ්‍යයේත් ලෙබනනයේ කොළරාව පැතිරීම වැළැක්වීමට කටයුතු කරයි

ගාසා තීරයේ යුද ගැටුම් මධ්‍යයේ වුව ද ලෙබනනයේ කොලරාව රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් එය වැළැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙනවා.

WHO විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ; පෙරේදා (16) දිනයේ දී ලෙබනන් මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිය රට තුළ කොලරා තත්ත්වයක් හිස එසවීමට පටන් ගෙන ඇති බවට දැනුම්දී ඇති බවයි.

2022 ඔක්තෝබර් සිට 2023 ජූනි දක්වා කොලරා රෝගීන් ලෙබනනයෙන් වාර්තා වුව ද, මේ වනවිට ඇති ව තිබෙන යුද ගැටුම් තීව්‍ර වීම හේතුවෙන් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි ලෙබනනය දැනුම්දී ඇත්තේ.

යුද ගැටුම් හේතුවෙන් ලෙබනන් ප්‍රාන්තවල ජල දූෂණයක් ඇති වී තිබෙන බවත් එබැවින් මෙලෙස කොලරාව රෝගය පැතිර යාම වේගවත් වී ඇති බව ද වාර්තා වනවා.

“අපිරිසිදු ජලය සහ සනීපාරක්ෂක තත්ත්වයන් සහ වත්මන් යුද ගැටුමේ බලපෑම හේතුවෙන් ලෙබනනයේ කොලරාව වැනි බෝවන රෝග නැවත මතුවීමේ අවදානම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් කරමින් සිටී..” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත ආචාර්ය අබ්දිනාසීර් අබුබකර් ප්‍රකාශ කර තිබෙනවා.

ලෙබනනයේ ගෙවුණු වසර දෙක තුළ කොලරාව හේතුවෙන් මරණ 23ක් සිදු ව ඇති අතර සැක සහිත රෝගීන් 8,007 ක් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිලාගේ සාදුගේ මැයි රැළියේ කට්ටිය ගත්තු ආතල් එක
01:31
Video thumbnail
දුමින්දගේ කතාව මැද දුමින්ද ළඟට එක පාරම කඩා පැන්න පුද්ගලයා..දැන් රැවටුණා ඇති නැගිටින්න සූදානම් වෙන්න
11:35
Video thumbnail
පුළුවන් නම් සජබයේ එක්කෙනෙක්ව ඇතුළට දාලා පෙන්නන්නකෝ
06:52
Video thumbnail
මේ ආණ්ඩුව කුණුවෙලා ඉවරයි..වළේ දාන්න තියෙන්නේ..අපේ අහිංසකයෝ දෙන්නෙක් ඇතුළේ
08:56
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි..අධිකරණ ඇමතියා ජෝන් සීනා වගේ..ලැජ්ජයි යකෝ තෝ
05:57
Video thumbnail
සජිත් රනිල්ට ප්‍රසිද්ධියේම ස්තූති කරයි - අපි එකතුවෙලා හමාරයි
15:17
Video thumbnail
සජිත්ගේ කතාව අතර මිනිස්සු පෝළිමට පිටව යයි..මේ මොකද මේ ඔක්කොම හිස්වෙලා
01:21
Video thumbnail
උඹලගේ හොරකම් ඔක්කෝම අපි හෙළිකරනවා - මරික්කාර් සැර වෙයි
07:23
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට දාපු කින්ඩියෙන් හැමෝටම හිනා
06:37
Video thumbnail
ජනපති අනුර ජනතාවගේ උණුසුම් මැද මහරගම NPP රැළියට එයි..මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:25