AFC Banner
Empty Ad
Empty Ad

‘යුක්තිය’ මෙහෙයුමට ඔත්තු දෙන්න ක්ෂණික දුරකථන අංකයක්

යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මකවන කාල සීමාවේ දී ජනතාවට ඒ සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීමට නව ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

071 859 8800 යන ක්ෂණික දුරකථන අංකය මෙලෙස හඳුන්වා දී ඇති අතර, මෙම අංකය සටහන් කළ ස්ටිකර් ත්‍රිරෝද රථවල ප්‍රදර්ශන කිරීම අද (02) සිදු වුණා.

ඒ, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර සියලු ප්‍රජා පොලිස් කොට්ටාශවලට එම ස්ටිකර් ලබාදීමේ ක්‍රියාවලිය ද මීට සමගාමීව සිදු කෙරුණා.

මෙම දුරකථන අංකය ත්‍රීරෝද රථවල ප්‍රදර්ශනය කිරීම මඟින් මෙම ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිදුකර ගතහැකි බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම ක්ෂණික දුරකථන අංකය අමතා තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ දුරකථන අංක සහ තොරතුරු අනාවරණය නොවන ආකාරයට මෙම දුරකථන අංකය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?