‘යුක්තිය’ මෙහෙයුමට ඔත්තු දෙන්න ක්ෂණික දුරකථන අංකයක්

යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මකවන කාල සීමාවේ දී ජනතාවට ඒ සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීමට නව ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

071 859 8800 යන ක්ෂණික දුරකථන අංකය මෙලෙස හඳුන්වා දී ඇති අතර, මෙම අංකය සටහන් කළ ස්ටිකර් ත්‍රිරෝද රථවල ප්‍රදර්ශන කිරීම අද (02) සිදු වුණා.

ඒ, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර සියලු ප්‍රජා පොලිස් කොට්ටාශවලට එම ස්ටිකර් ලබාදීමේ ක්‍රියාවලිය ද මීට සමගාමීව සිදු කෙරුණා.

මෙම දුරකථන අංකය ත්‍රීරෝද රථවල ප්‍රදර්ශනය කිරීම මඟින් මෙම ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිදුකර ගතහැකි බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම ක්ෂණික දුරකථන අංකය අමතා තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ දුරකථන අංක සහ තොරතුරු අනාවරණය නොවන ආකාරයට මෙම දුරකථන අංකය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56