යාපනේ වයස 17 ළමයකුට කඩුවලින් කොටලා,සිසුවා රෝහලේ

යාපනය ප්‍රදේශයේදී තියුණු ආයුධ රැගෙන පැමිණි සන්නද්ධ කල්ලියක් විසින් කඩු ප්‍රහාරයක් එල්ල කොට වයස අවුරුදු 17 ක පමණ වන පිරිමි දරුවෙකුට බරපතල තුවාල සිදු කොට ඇති බව යාපනය පොලීසිය පවසනවා.

ඒ අනුව අදාල කඩු ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු ළමායා ප්‍රතිකාර සදහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම ප්‍රහාරයෙන් තුවල ලබා ඇත්තේ යාපනය උරුම්පිරායි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මුරුගදාස් මනෝජ් නැමති තරුණයෙකි.

ඒ අනුව අදාල ප්‍රහාරයට ලක්වු දරුවා අධ්‍යාපන කටයුතු අතහැර වෙළදසැලක සේවය කොට ඇති අතර පසුව ඔහු අදාල වෙළදසැලේ සිට ආපසු යමින් සිටියදී යතුරු පැදි තුනකින් පැමිණි හය දෙනකුගෙන් යුතු කණ්ඩායමක් විසින් ඔහුට කඩු ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පෙලීසිය පරීක්ෂණ පවත්වනු ලබයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?