spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාපනයේ දේව ප්‍රතිමාව ඉවත් කිරීමේ නඩු විභාගය වෙනුවෙන් හින්දු සංවිධාන පෙරට

යාපනයේ දේව ප්‍රතිමාව ඉවත්කිරීමේ නඩු විභාගයට හින්දු සංවිධාන 30 කට අධික නියෝජිතයින් ඉදිරිපත් වී ඇති බවත් එම නඩුව මැයි 4ට කල් ගිය බවත් වාර්තා වෙනවා.

යාපනය පන්නනෙයි වටරවුම ප්‍රදේශයේදී ඉදිකෙරුනු නාගභූෂණී අම්මාන් දේව ප්‍රතිමාව ඉවත්කිරීම සඳහා වූ අද (18) දින පැවති නඩු විභාගය එලඹෙන මැයි 04 දක්වා කල්දැමීමට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පියවර ගත් බවට යාපනය පොලීසිය පවසනවා.

නාගභූෂණී අම්මාන් දේව ප්‍රතිමාව ඉවත්කිරීම පිළිබඳව යාපනය පොලීසිය විසින් ගොනුකොට තිබූ නඩුව අද දින විභාගයට ගත් අවස්ථාවට අදාළ ප්‍රතිමාව ඉවත්කිරීමට විරෝධය පාමින් යාපනයේ පිහිටි හින්දු සංවිධාන 30 කට අධික ප්‍රමාණයක පූජකවරුන් සහ එම පිරිස් වෙනුවෙන් ජනාධිපති නීතීඥ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඇතුලු පිරිසක් නඩුවිභගයට සහභාගී වී තිබෙනවා.

එහිදී පොලීසිය විසින් ගත් දේවප්‍රතිමාව ඉවත්කිරීමේ අධිකරණ නියෝගයට එරෙහිව හින්දු සංවිධාන නියෝජිතයින් විසින් අදාල ප්‍රතිමාව නඩත්තුව සහ කිසිදු සංහිදියාවට බාධාවක් නොවන බවටත් කරුණු නීතීඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කෙරුනු අතර පොලීසිය විසින් ඉදිරිපත් කර ඇති කරුණු පිළිගත නොහැකි බවටද අධිකරණයට දැනුම්දෙනු ලැබීය.

එමෙන්ම පොලීසිය විසින් අදාල දේව ප්‍රතිමාව මගින් නයිනතිව් වෙත පැමිණෙන ජනතාව අතර යම් මහජන සාමයට බාධාවීමක් සංහිදියාවට බාධාවක් වන බවටත් තවද රථවාහාන ධාවනයටද ප්‍රතිමාව මගින් බාධාවන් එල්ලවන බවට අධිකරණයට කරුණු දැක්වීය.

වැඩිදුර නඩු විභාගය සඳහා නඩුව මැයි මස 04 වනදාට කල් තැබුනු අතර නඩු විභාගය පැවත්වූ යාපනය අධිකරණය අවට ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවකද සපයා තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?