spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාචකයෙක් වී අවසන් ගමන් ගිය කෝටිපතියා

ප්‍රදේශයේ දානපතියෙකු වශයෙන් සිට පසුව අන්ත අසරණව කඩපිල්මත වසර විස්සක් දිවි ගෙවා මියගිය පුද්ගලයෙකුගේ දේහය තම බිරිද හා දියණිය බාර නොගැනීම නිසා ප්‍රදේශවාසීන් එක්ව අවසන් කටයුතු සිදුකළ පුවතක් බිබිල මැදගම නගරයෙන් වාර්තා වනවා.
අසුව දශකයේ ඔක්කම්පිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැණික් වෙළද ව්‍යාපාරිකයෙකු වශයෙන් සිටියදි මිය ගිය ජයසේන නැමැත්තා වෙල්ලස්සේ අහිංසක මිනිසුන්ට උදව් උපකාර කර තිබෙන බවත් පසුකාලීනව ඔහු අන්ත අසරණ තත්වයට පත්ව මැදගම නගරයට පැමිණ වසර විස්සක කාලයක් තිස්සේ සිගමන් යදිමින් කඩපිල්මත දිවි ගෙවා තිබුණා.  පසුගියදා සිගමන් යදිමින් සිටි අසුව හැවිරිදි ජයසේන මැදගම පොළ භුමියේ මිය ගොස් සිටියදි ප්‍රදේශවාසීන් දැක රෝහලට ගෙන ගොස් පී.සී.ආර් පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු කොරෝනා රෝගියෙකු නොවීම නිසා සිරුර භාරගැනීමට පොලීසිය පවුලේ ඥතීන් කැදවා තිබෙනවා.  එම අවස්ථාවේදි මියගිය පුද්ගලයාගේ බිරිද සහ දියණිය රෝහලට පැමිණ මියගිය අය හදුනාගෙන කටඋත්තරයක් දීමෙන් පසු ඔවුන් දෙදෙනා අතුරුදන්ව ගිය නිසා ප්‍රදේශවාසීන් එක්ව අවසන් කටයුතු සිදු කිරීමට තීරය කර තිබුණා.  මිය ගිය අයගේ දේහය පොළ භුමියේදි මහජන ගෞරවයට තබා ගෞරවාන්විතව ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු මිය ගිය අයගේ දේහය නගරයේ වීදි සංචාරය කිරීමෙන් පසු ආදාහනය සිදුකළා.

 ප්‍රසන්න පද්මසිරි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?