යහපත් ජාත්‍යන්තර සම්මුතීන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහාය ලබාදීමට සූදානම් – ඇමති ලාල්කාන්ත

යහපත් ජාත්‍යන්තර සම්මුතීන් වෙනුවෙන් ශ්‍රී ලංකාව ඕනෑම අවස්ථාවක සිය සහයෝගය ලබාදීමට සූදානමින් සිටින බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

කසකස්ථානයේ ශ්‍රී ලංකා තානාපති Sergey Viktorov සහ කසකස්ථාන දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී Rustem Jamankulov ඇතුළු දූත පිරිස ඊයේ (04) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

හමුවේ දී දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැති අතර, ඉදිරියේදී පැවැත්වීමට නියමිත කලාපීය රාජ්‍ය සමුළුව පිළිබඳව ශ්‍රී ලංකාව දැනුවත් කිරීම ද ප්‍රධාන අරමුණක්.

රටවල් 20කට ආසන්න සංඛ්‍යාවක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත එම සමුළුවේදී, රටවල් හරහා ගලායන ගංගාවල ජලය සාධාරණ ලෙස බෙදා ගැනීම සඳහා ජාත්‍යන්තර ජල සම්මුතියක් ඇති කිරීම පිළිබඳව අවධානය යොමු කෙරෙන බව කසකස්ථාන නියෝජිතයෝ සඳහන් කළා.

ජල සම්මුතිය සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය ඉල්ලා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, කිසිදු පැකිලීමකින් තොරව ශ්‍රී ලංකාවේ සහාය ලබාදීමට සූදානම් බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කළා.

එමෙන්ම, ශ්‍රී ලංකාවට අවශ්‍ය රසායනික පොහොර ආනයනය කිරීම සම්බන්ධයෙන් කසකස්ථානය සමඟ සහයෝගී එකඟතාවකට එළඹීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

කසකස්ථාන නියෝජිතයින් ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වය සහ සංචාරක ආකර්ෂණය අගය කළ අතර, කසකස්ථාන සංචාරකයන් තුර්කිය, ඊජිප්තුව සහ තායිලන්තය සමඟ ශ්‍රී ලංකාව ද ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙස තෝරාගන්නා බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17