මෝදි විවෘත කළ දඹුල්ලේ ආහාර ගබඩා කිරීමේ ශීතාගාරය විවෘත කළ දිනයේ සිටම අක්‍රීයයි

දඹුල්ලේ ආහාර ගබඩා කිරීමේ ශීතාගාරය (උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව) නිරීක්ෂණය කිරීම සඳහා විපක්ෂයේ නායකයින් පිරිසක් ගොස් තිබෙනවා.

ඔවුන් පවසන්නේ මීට මාස කිහිපයකට පෙර විවෘත කරන ලද ආහාර ගබඩාකිරීමේ ශිතාගාරය විවෘත කළ දිනයේ සිටම අක්‍රීයව පවතින බවයි.

මෙරටට පැමිණි ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මෙම ශීතාගාරය විවෘත කළ අතර, එම ශීතාගාරය තුළ එළවළු පළතුරු ඇතුළු ආහාර වර්ග ගබඩාකර තැබීමට හැකියාව පවතිනවා.

ශීතාගාරය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එළවළු පළතුරු ඇතුළු ආහාර තොග ගබඩාකිරීමට නොහැකිවීම නිසා එම එළවළු පළතුරු ඇතුළු ආහාර වර්ග රැසක් විනාශ වී යන බවයි එහි ගිය නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර සඳහන් කළේ.

එමෙන්ම මෙම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ සේවා ආරම්භයට පෙරම රුපියල් 8,409,000ක විදුලි බිලක් ලැබී ඇතැයි අද (15) අනාවරණය වුණා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන උදය ගම්මන්පිල, නිමල් පියතිස්ස, සංජීව එදිරිමාන්න, ප්‍රේමනාත් සී. දොලවත්ත, ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් සහ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?