මෝදිට කුවේටයේ ඉහළම සිවිල් සම්මානය හිමිවෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට කුවේටයේ ඉහළතම සිවිල් සම්මානය හිමිව තිබෙනවා.

ද ඕඩර් ඔෆ් මුබාරක් අල් කබීර්‘ (Order of Mubarak Al-Kabeer) නමැති මෙම සම්මානය කුවේට් රාජ්‍යයේ පිරිනැමෙන්නේ රට ගොඩනැගීම සඳහා අතිවිශාල මෙහෙවරක් කළ සිවිල් වැසියන් හටයි.

ඉන්දී‍ය අගමැතිවරයා ඉන්දු – කුවේට් සබඳතා ශක්තිමත් කරලීමට දැරූ උත්සාහයන් අගය කිරීමක් වශයෙනුයි මෙම සම්මානය ඔහු හට හිමි වුණේ.

අදාළ සම්මානය කුවේට් ෂෙයික් මෙෂාල් අල් අහමඩ් අල්-ජාබර් අල්-සබා (Sheikh Meshal Al-Ahmad Al-Jaber Al-Sabah) විසින් පිරිනමනු ලැබුවේ බයාන් පැලස් හි පැවති උත්සවයකදියි.

මෙම නයිට් පදවිය පිරිනැමීම කුවේට් රජු මුබාරක් අල් – කබීර්ගේ නියෝගය මත සිදු කෙරුණා.

දෙරටේ රාජ්‍ය නායකයින්, විදේශීය තානාපතිවරුන් සහ රාජකීය පවුලේ සාමාජිකයින් මේ සඳහා වෙන් කර ඇති අතර බොහෝ අවස්ථාවල අදාළ සම්මානය හිමිවූයේ එම පැළැන්තිය හටයි.

මෙම සම්මානය මීට පෙර චාල්ස් කුමරු, අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් බුෂ් වෙත ද පිරිනැමී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිලාගේ සාදුගේ මැයි රැළියේ කට්ටිය ගත්තු ආතල් එක
01:31
Video thumbnail
දුමින්දගේ කතාව මැද දුමින්ද ළඟට එක පාරම කඩා පැන්න පුද්ගලයා..දැන් රැවටුණා ඇති නැගිටින්න සූදානම් වෙන්න
11:35
Video thumbnail
පුළුවන් නම් සජබයේ එක්කෙනෙක්ව ඇතුළට දාලා පෙන්නන්නකෝ
06:52
Video thumbnail
මේ ආණ්ඩුව කුණුවෙලා ඉවරයි..වළේ දාන්න තියෙන්නේ..අපේ අහිංසකයෝ දෙන්නෙක් ඇතුළේ
08:56
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි..අධිකරණ ඇමතියා ජෝන් සීනා වගේ..ලැජ්ජයි යකෝ තෝ
05:57
Video thumbnail
සජිත් රනිල්ට ප්‍රසිද්ධියේම ස්තූති කරයි - අපි එකතුවෙලා හමාරයි
15:17
Video thumbnail
සජිත්ගේ කතාව අතර මිනිස්සු පෝළිමට පිටව යයි..මේ මොකද මේ ඔක්කොම හිස්වෙලා
01:21
Video thumbnail
උඹලගේ හොරකම් ඔක්කෝම අපි හෙළිකරනවා - මරික්කාර් සැර වෙයි
07:23
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට දාපු කින්ඩියෙන් හැමෝටම හිනා
06:37
Video thumbnail
ජනපති අනුර ජනතාවගේ උණුසුම් මැද මහරගම NPP රැළියට එයි..මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:25