AFC Banner
AFC Banner
Empty Ad

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඡන්ද කටයුතුවලට වැසෙයි (නිවේදනය)

එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපර්තමේන්තුවේ ප්‍රධාන කාර්‍යාලය වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

නොවැම්බර් 14 දින පැවැත්වෙන මැතිවරණය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් කොළඹ 05 – ඇල්විටිගල මාවත, නාරාහේන්පිට ලිපිනයේ පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නැගෙනහිර කොළඹ ඡන්ද කොට්ඨාස අංක 06 සහ 07 ලෙස ඡන්ද මධ්‍යස්ථාන ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙන බවයි අදාළ නිවේදනය මගින් දැක්වෙන්නේ.

මේ හේතුවෙන් 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 05 වැනි වගන්තිය යටතේ ඉහත ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පහසුකම් සැලසීම වෙනුවෙන් නොවැම්බර් 12 සහ 14 යන දෙදින මෙම ප්‍රධාන කාර්‍යාලය වසා තැබෙනු ඇති.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්‍යාලය මගින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?