රුපියල් හැත්තෑලක්ෂ පනස්දහසක් වන දුම්වැටි හොරෙන් රටට ගෙනා කත අල්ලයි

විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් ඒවා සූක්ෂ්ම ලෙස කටුනායක ගුවන් තොටුපොළෙන් තීරුබදු නො ගෙවා පිටමං කිරීමට උත්සාහ කළ කාන්තාවක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (03) අලුයම 01.45ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන්
සැකකාර මගී කාන්තාව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

මෙම දුම්වැටි තොගයේ වෙළෙඳපොළ දළ තක්සේරු වටිනාකම රුපියල් හැත්තෑ ලක්ෂ පනස් දහසක් වටිනා බවට හෙළි ව තිබෙනවා.

සැකකාරිණිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

ඇය හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වියේ පසුවන පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක මූල්‍ය කළමනාකාරීවරියක් බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඇය විසින් රැගෙන ආ ගමන් මළු තුළ තිබී “ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 47,000ක් අඩංගු දුම්වැටි කාටූන් 235ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා.

මේ වනවිට ඇය පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, එළඹෙන 05 වැනි දින නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගය සමග මෙම කාන්තාව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14