Update – මාමඩල ත්‍රිත්ව ඝාතනයේ ඝාතකයින් එකම පවුලේ සාමාජිකයින් බවට හෙළිවෙයි

අම්බලන්තොට, මාමඩල, ඇලේගොඩ ප්‍රදේශයේ දී ඊයේ (03) රාත්‍රියේ තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයින් තිදෙනෙක් ඝාතනය කළ සිදුවීමට අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පස්දෙනාම එකම පවුලේ සාමාජිකයින් බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පස්දෙනාගෙන් සිව්දෙනෙක් මෙම පහරදීම සඳහා පැමිණ ඇති බවට ඍජුවම හඳුනාගෙන ඇති අතර, අනෙක් සැකකරු අපරාධය සඳහා ආධාර අනුබල දුන් අයෙක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

අද (03) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මේ බව සඳහන් කළා.

නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන්වන සිදුවීමක් පිළිබඳව කණ්ඩායම් දෙකක් අතර ඊයේ (02) දහවල් කාලයේ සිට බහින් බස්වීමක් සිදුව ඇති අතර, අනතුරුව රාත්‍රී කාලයේ එක් කණ්ඩායමක් විසින් අනෙක් පාර්ශ්වයේ පිරිසක් වෙත මෙම පහරදීම සිදුකර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (02) රාත්‍රියේ සිදු වූ මෙම ත්‍රිත්ව ඝාතනය සම්බන්ධ සැකකරුවන් අද (03) අලුයම තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් තුනක් ඔස්සේ විමර්ශන සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ.

ඝාතනයට ලක්වූ තිදෙනා මාමඩල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 29, 34 සහ 45 යන වයස්වල පසුවූවන් බව සඳහන්.

මේ අතර ඝාතන සිදුවූ ස්ථානයේ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (03) පෙරවරුවේ හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44