ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ව්‍යාපෘතියක් සඳහා දිවයිනට

දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් තුන් දින සංචාරයක් සඳහා අද (03) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

ඔහු අද අලුයම 05.25 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 148 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ගුවන් තොටුපොළ සේවිකාවන් විසින් ඔහු පිළිගනු ලැබුවා.

ජොන්ටි රෝඩ්ස් ශ්‍රී ලංකාවේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මෙරටට පැමිණි බවයි සඳහන් කර ඇත්තේ.

පසුව අදාළ තොරතුරු සම්බන්ධයෙන් දැනුම්දීමට තමන් සූදානම් බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ.

කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවෙකු ලෙස ද සේවය කළ විශිෂ්ටයෙකු ලෙස ජොන්ටි රෝඩ්ස් සැලකිය හැකි වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්