මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ වෙඩි තැබීමක්

මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ අද (20) රාත්‍රී 08.20ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ආපනශාලාවක හිමිකරුවෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ආපනශාලා හිමිකරු ඉලක්කර වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.