මොයින් අලී ජාත්‍යන්තර ක්‍රිකට්වලින් සමුගනී

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාවට එරෙහිව ගයනාවේ පැවති අවසන් පූර්ව වටයේ තරගයේ දී මොයින් අලී අවසන් වරට එංගලන්තය නියෝජනය කළා.

“මට වයස අවුරුදු 37 යි, මේ මාසයේ ඕස්ට්‍රේලියානු තරඟාවලිය සඳහා මාව තෝරාගෙන නැහැ,” මොයින් අලී Daily Mail වෙත සම්මුඛ සාකච්ඡාවක දී අදහස් දක්වමින් පවසා තිබෙනවා.

“මම එංගලන්තය වෙනුවෙන් ගොඩක් ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. ඊළඟ පරම්පරාවට කාලය ඇවිත්. ඒක මට පැහැදිලියි. වෙලාව හරි කියලා දැනුණා. මම මගේ කොටස කළා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

මොයින් අලී 2014 වසරේ එංගලන්ත කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට පිවිසියා.

ඔහුගේ 10 වසරක වෘත්තීය ජීවිතය තුළ රට වෙනුවෙන් එක්දින තරඟ 138ක්, විස්සයි විස්ස තරග 92ක් සහ ටෙස්ට් තරග 68ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු ශතක 08ක් සහ අර්ධ ශතක 28ක් ඇතුළුව ලකුණු 6678ක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ රැස්කර ඇති අතර, එංගලන්තය වෙනුවෙන් ආකෘති තුන පුරා බිඳ දමා තිබෙන කඩුලු සංඛ්‍යාව 366ක්.

මේ අතර මොයින් අලී වැඩිදුරටත් පවසා ඇත්තේ තමා දිගටම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කරන බවයි.

පසුව පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තුවක් පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17