මේ සියල්ලටම මම නොබියව මුහුණ දෙමි – නාමල්ගේ Facebook ගිණුමේ සටහනක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධානයක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමා විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහුගේ Facebook ගිණුමේ විශේෂ සටහනක් එකෙකොට තිබෙනවා.

එම සටහනේ සඳහන්ව ඇති පරිදි එය එක්කර තිබුණේ, නමල රාජපක්ෂගේ Facebook ගිණුමේ පරිපාලකවරයා (Admin) විසින්.

එහි උපුටා ගැනීම පහතින්,

”වසර දෙකක් පුරාවට ඔවුන් කියා සිටියේ අපට එරෙහිව ඔවුන් සතුව සාක්ෂි තිබෙන බවයි. සොරා ගත් මුදල් නැවත ලබා ගෙන සත්‍ය හෙළි කරන බවයි.
මා සම්බන්ධව යම් සාක්ෂියක් පවතින්නේ නම්, සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයකට මුහුණ දීමට මම සූදානම්. කිසියම් වරදක් සිදු කර ඇත්නම් එයට අදාළ නීතිමය පසුබිම යටතේ කටයුතු කිරීමට මම සූදානම්.
නීතියට මුවා වී වෛරී සහගත දේශපාලන පලි ගැනීම් සිදු නොවිය යුතු බව අවධාරණය කරමි.
අද දිනයේ සැප්තැම්බර් 18 දක්වා මා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන තිබෙනවා.
හෙට රජය බලයට පැමිණ වසර දෙකක් ගතවන මොහොතේ ජන හමු පැවැත්වීමට නියමිත අතර,ජනාධිපතිවරයා එහිදී ජනතාව අමතනු ඇත. වසර දෙකක පාලනයෙන් පසුව ජනතාව වෙනුවෙන් සැබැවින්ම ඉටු කළේ කුමක්දැයි බරපතල ගැටළු බොහෝමයක් මතු වී ඇති අවස්ථාවක, අද මේ සිදුවීම නොසලකා හැරීම අපහසු ය.
එසේම, සැප්තැම්බර් 12 වනදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත අපගේ දැවැන්ත ජන රැළිය සඳහා දහස් ගණනින් ජනතාව එක්වීමට නියමිතය.
මා හට බිය වීමට කිසිවක් නැත. සඟවා තැබීමට කිසිවක් නැත. මා සෑම මොහොතකම විශ්වාස කළ නිවැරදි දෑ වෙනුවෙන්ද, මා නියෝජනය කරන ජනතාව වෙනුවෙන් ද පෙනී සිටින අධිෂ්ඨානයෙන් මේ සියලු අභියෝගයන්ට මුහුණ දෙමි.
මාගේ නිදහස අහිමි කළ හැක්කේ එක්තරා කාලයකට පමණි. නමුත් මාගේ හඬ, මාගේ විශ්වාසයන් හෝ මාගේ ආදරණීය මාතෘ භූමියේ ජනතාව වෙනුවෙන් මා කරන කැප කිරීම උදුරා ගත නොහැක.
දේශපාලන බලය තාවකාලිකය.
සත්‍ය සදාකාලිකය.
මේ සියලු සිදුවීම් කුමක් උදෙසාද, කවදා කවුරුන් විසින් සිදු කළේද යන්න ඉතිහාසය සාක්ෂි දරනු ඇත.
මේ සියල්ලටම මම නොබියව මුහුණ දෙමි.

  • නාමල් රාජපක්ෂ

Admin note : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් මෙම ප්‍රකාශය පළ කරනු ලැබේ. ”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51
Video thumbnail
CPC එක මේ වසරේ බිලියන 27ක ලාභයක් උපයලා තියෙනවා - ඉන්ධන මිල ඉදිරියේදි අඩුවෙයිද ?
01:55
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිධිය ගැන CPC එකෙන් ප්‍රබල හෙළිදරව්වක් - බහුල වශයෙන්ම ස්වාභාවික වායු
01:42
Video thumbnail
අද මධ්‍යම රාත්‍රියේ සිට දැවි තෙල් සහ නැප්තාවල මිල පහළට - QR කේතය ඉවත් කරනවද ?
01:26
Video thumbnail
නාමල් බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
00:56
Video thumbnail
අනුර Scienceත් ෆේල්, Mathsත් ෆේල් - මේ ආණ්ඩුව English ෆේල් නෙවෙයි Absent
02:59
Video thumbnail
නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක් - අනාගත ජනපතිට ජයවේවා..!
03:06