පුහුණු වැඩසටහනකට ධීවරයන් පිරිසක් එළඹෙන සතියේ ඉන්දියාවට

ශ්‍රී ලංකාවේ ධීවර සංගම් බලගැන්වීම සහ ඒවායේ කළමනාකරණය, මෙහෙයුම් සහ ආර්ථික හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින්, දින 10ක ජාත්‍යන්තර ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

“ශ්‍රී ලංකාවේ ශක්තිමත් සහ කාර්යක්ෂම ධීවර සමිති ගොඩනැගීම සහ බලගැන්වීම සඳහා වන සමූපකාර සමිති ක්ෂේත්‍ර සංචාරය” යන තේමාවට අනුව යි මෙම පුහුණු වැඩසටහන සංවිධානය කර ඇත්තේ.

ඉන්දියානු රජයේ මූල්‍ය අනුග්‍රහයෙන් මේ මස 14 වනදා සිට 23 වනදා දක්වා එරට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, පූනේ නගරයේ දී පුහුණු වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම මෙම පුහුණු වැඩසටහනට අදාළ සාකච්ඡාවක් ද කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.

ගාල්ල, මාතර, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන් තිදෙනෙකු සහ එම දිස්ත්‍රික්කවලින් තෝරාගත් ධීවර සමිති 17ක නියෝජිතයින් ද ඇතුළත්ව 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා සහභාගී වීමට නියමිතයි.

ඉන්දියාවේ සාර්ථකව ක්‍රියාත්මක වන සමූපකාර සමිතිවල කළමනාකරණ ක්‍රමවේද, මෙහෙයුම් ක්‍රමවේද, සාමාජික සහභාගීත්වය, ආර්ථික බලගැන්වීම, අලෙවිකරණ උපායමාර්ග සහ ආයතනික ධාරිතා සංවර්ධනය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙම පුහුණුව හරහා අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ ක්ෂේත්‍ර පුහුණුව ලබා දීම සිදු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06