මෙහෙම යන කොට අපෙත් ස්වීප් එක ඇදෙයිද දන්නෑ

“රට වටේ ගිහින් එනවිට අපෙත් ස්වීප් එක ඇදෙයිද දන්නෙ නෑ.” යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

සුසිල් ප්‍රේමජයන්ත මහතා ද පොලේ ගොස් ස්වීප් එකක් ගත්විට පැය 24කින් ඇදුණා යැයි කී හිටපු ජනාධිපතිවරයා “අපිත් මේ සේරටම ලෑස්තියි” යැයි ද සඳහන් කළේය.

එවක තම ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ අය වත්මන් ආණ්ඩුවේ තත්වය පිළිබඳ සත්‍යය පෙන්වා දෙන විට තමන්ට දොස් පවරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (7) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුවට එක්වෙමිනි.

වර්තමානය බණ්ඩාරනායක මැතිනියගේ කාලය වගේ යැයි කියමින් ඇගේ ආර්ථික වැඩපිළිවෙලට අදත් දොස් කියන අය සිටින නමුත් එතුමිය ගොවියන්ගෙන් හෝ නිවෙස්වල ගෑස් ලිප පත්තු කරන්න යන කාන්තාවන්ගෙන් කුණුහරප ඇසුවේ නැතැයි ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

පසුගිය දිනවල තමන් කළ කතා ඇසූ ඇතැමුන් ‘තමුසෙත් ආණ්ඩු කළා නේදැයි’ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබූ බව කී හිටපු ජනාධිපතිවරයා කවුරුන් කෙසේ කීවත් 1948න් පසු පත්වූ ආණ්ඩු අතරේ වෙනස්ම ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුව යැයි ද සඳහන් කළේය.

එදා ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක එක්ව ආණ්ඩු කරද්දී තමාට විවේචන, නින්දා අපහාස කළ අය අද තමන් රටේ තත්වය පැහැදිලි කරන විට ‘ඇයි මේ ගහන්නේ’ කියා අහනවා යැයි ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

වත්මන් ආණ්ඩුව කරන අය තමන්ගේ ආණ්ඩුවට මීට වඩා අපහාස විවේචන කළ බව කී සිරිසේන මහතා එදා පිරිසිඳු ආණ්ඩු හදන්න කතා කරපු අය වර්තමානයේ ආණ්ඩු කරන්නේ කොහොමද කියා මෙන්ම එදා තමාට අපහාස කළ අය අද මොන තරම් අපහාසයට විවේචනයට ලක්වෙලාදැයි කවුරුත් දන්නා බව ද කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙංකෝලය උස්සන්න හදපු සජබයේ මන්ත්‍රීවරුන්ට වැඩ වරදියි
02:00
Video thumbnail
සත්‍යග්‍රහය නිසා අසරණ වුණ පුංචි දරුවන්..මහ අව්වේ ඉන්න හැටි - "ජනාධිපතිත් වැරදි - තේරුම්ගන්න ඕනි"
01:47
Video thumbnail
මගේ තාත්තා DIG - ඔයාගේ තාත්තා නෙමෙයි අපිට පඩි ගෙවන්නේ
00:51
Video thumbnail
පුළුවන් නම් මට නඩු දාන්න - ප්‍රසාද් සර් යකා නටයි
14:21
Video thumbnail
සත්‍යග්‍රහය මැද අසාධ්‍යය වුණ කෙනෙක් රැගෙන යයි - අසරණ මිනිස්සු මැ#ණකල්ද ජනපතිතුමා බලාගෙන ඉන්නේ
05:41
Video thumbnail
එකපාරටම රාවණා ඇල්ලේ වුණ දේ.. හැමෝම පුදුම වෙයි
01:44
Video thumbnail
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ උණුසුම් තත්ත්වයක් - වග උත්තරකරුවෙක් කොහොමද නඩුවක් ඉල්ලා අස් කර ගන්නේ
05:14
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් සජිත්ට රිදෙන්නම දෙයි
08:32
Video thumbnail
ICC සභාපති පැමිණීම ගැන ක්‍රිකට් කමිටුවෙන් කිව්ව දේ - කණගාටුයි මට, ඇත්තටම දුකයි වැරදි තර්කයක් කියලා
02:25
Video thumbnail
මේකට ඩිමෙන්ශියා..මේ පි## එක්ක මේක කරන්න බෑ - මුන් හිතනවද දන්නේ නෑ ගොවියා කොහා කියලා
09:22