මෙසී සමාව ගන්න සැරසෙයි – ක්‍රීඩා සමාජයේ තීරණයට ප්‍රේක්ෂකයින් විරෝධතාවයේ

ගිවිසුම් කඩකරමින් සෞදි අරාබියේ සිදුකළ සංචාරය සම්බන්ධයන් තමන් පැරිස් සෙන්ට් ජර්මේන් ක්‍රීඩා සමාජයෙන් සහකණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් සමාව ගැනීමට අවශ්‍ය බව සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසී පවසනවා.

මේ වනවිට පැරිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන මෙසී පසුගියදා තමන් නියෝජනය කරන ක්‍රීඩා සමාජයට නොදන්වා සෞදි අරාබියේ සංචාරයක් සිදුකර තිබුණා.

මේ හේතුවෙන් ඔහුට සති දෙකක තරග තහනමක් පැනවීමටයි පැරිස් ක්‍රීඩා සමාජයේ බලධාරීන් කටයුතු කර ඇත්තේ.

පැරිස් සෙන්ට් ජර්මේන් ක්‍රීඩා සමාජයේ මෙම තීරණයත් සමඟ කෝපයට පත් එහි ප්‍රේක්ෂකයින් එම ක්‍රීඩා සමාජයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා දක්වා සිටියා.

මේ අතර පැරිස් උපනගරයක් වන බුගිවාල් හි පිහිටි සුපිරි පාපන්දු තරුවක් වන නේමාර්ගේ නිවස අසල ද රැස්වී ප්‍රේක්ෂකයින් එම තීරණය සම්බන්ධයෙන් අතෘප්තිය පළකර සිටියා.

මේ වනවිට පැරිස් ක්‍රීඩා සමාජය විසින් ඔවුන්ගේ පුහුණු පිටියේ මෙන්ම මෙසීගේ සහ නේමාර්ගේ නිවෙස්වල ආරක්ෂාව තර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස්ටෝෆ් ගැල්ටියර් සඳහන් කළේ මෙසී තරග තහනමකට ලක් කිරීමට ගත් තීරණය මුලින්ම ගත යුතු තීරණයක් නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුහුද මැදින් පාරක් හැදුවාට මාළුන්ට යන්න පුළුවන්, දුක් වෙන්න එපා
04:21
Video thumbnail
ඇදහැළුණු වැස්සේ අසරණ වුණු අහිංසක ජීවිත
01:46
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29


?