මෙවර රාමසාන් සමරන්නේ රට තුළ ගොඩනැඟී ඇති සහනදායී පරිසරයක් තුළයි – ජනපති රනිල්

ඉස්ලාම් බැතිමතුන් මසක් පුරා පැවැත් වූ උපවාස සමය නිමාකර මෙවර රාමසාන් උත්සවය සමරන්නේ රට තුළ ගොඩනැඟී ඇති කිසියම් සහනදායී පරිසරයක් තුළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (22) දිනයේ රාමසාන් උත්සවය සමරනු ලබන මෙරට ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් විශේෂ සුබ පැතුම් පණිවුඩයක් නිලුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

නිරාහාරව රාමසාන් උපවාස සමය ගත කිරීම පමණක් නොව සමාජයේ අනෙකුත් පුද්ගලයන් පිළිබඳ සංවේදී වෙමින් පරිත්‍යාගශීලීත්වයේ හා සමානාත්මතාවයේ මාහැඟි පණිවිඩය ලොවට ගෙන එන වැදගත් අවස්ථාවක් ලෙස මෙය සකලෙන බවයි ජනාධිපතිවරයා එම පණිවුඩයේ දක්වා ඇත්තේ.

එමෙන්ම සාමයෙන් සහ සහෝදරත්වයෙන් සපිරි දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට අප තබන පියවරේ දී මෙම සමාජ ධර්මතා මනා පරමාදර්ශයක් වන අතර, එමඟින් ලබාදෙන පණිවිඩය සමාජයීය යහපැවැත්ම උදෙසා යෙදවීමට අප සියලුදෙනා අදිටන් කරගත යුතු බවද ජනාධිපතිවරයාගේ රාමසාන් දින සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

ජනපතිගේ රාමසාන් දින පණිවුඩය පහතින්,

“ඉස්ලාම් බැතිමතුන් මසක් පුරා පැවැත්වූ උපවාස සමය නිමාකර මෙවර රාමසාන් උත්සවය සමරන්නේ රට තුළ ගොඩනැඟී ඇති කිසියම් සහනදායී පරිසරයක් තුළය. එය සියලුදෙනාට සැනසුමට හේතුවක් බව නිසැකය.

උපවාස සමය සහ රාමසාන් උත්සවය වටිනා ආගමික, අධ්‍යාත්මික හා සමාජයීය හර පද්ධතියකින් සමන්විතය. එම වටිනාකම් සුරැකෙන සේ ඉතාමත් භක්තියෙන්, අවංකව උපවාස සමයේ වත් පිළිවෙත් ඉටු කිරීමට ඉස්ලාම් බැතිමත්හු කැපවෙති.

නිරාහාරව රාමසාන් උපවාස සමය ගත කිරීම පමණක් නොව සමාජයේ අනෙකුත් පුද්ගලයන් පිළිබඳ සංවේදී වෙමින් පරිත්‍යාගශීලීත්වයේ හා සමානාත්මතාවයේ මාහැඟි පණිවිඩය ලොවට ගෙන එන වැදගත් අවස්ථාවක් ලෙස ද මෙය සැලකේ.

සාමයෙන් සහ සහෝදරත්වයෙන් සපිරි දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට අප තබන පියවරේ දී මෙම සමාජ ධර්මතා මනා පරමාදර්ශයක් වන අතර එමගින් ලබාදෙන පණිවිඩය සමාජයීය යහපැවැත්ම උදෙසා යෙදවීමට අප සියලුදෙනා අදිටන් කරගත යුතුය.

ජාති, ආගම් භේදයකින් තොරව එකම ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස එක්සත්ව අප මව්බිම සමෘද්ධිය කරා ගෙන යාමටත්, නිදහස, සමානාත්මතාවය සහ මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩනැඟීමටත් මෙවර රාමසාන් සැමරුම ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝක වාසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිඳියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උත්සවයක් වේවා !”

රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00