මෙරට ඉතිහාසයේ දැවැන්තම දේශීය නිවාස ව්‍යාපෘතියට ආයෝජනය කළ හෝම්ලෑන්ඩ්ස් හි නව පිම්ම

එදා මෙදා තුර ශ්‍රී ලාංකීය දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය, ,The Address in Colombo එළිදැක්වීම ජුනි මස 21 වැනිදා සිදු කෙරුණ.

ඒ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බොලිවුඩ් සුපිරි තරුවක් වන හෝම්ලෑන්ඩ්ස් සන්නාම තානාපති ජැකලින් ෆර්නැන්ඩස්, හෝම්ලෑන්ඩ්ස් ඉහළ කළමනාකාරීත්වය සමග එක්ව ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින්, ලාංකීය සිනමාවේ සුපිරි තරු හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගායක ගායිකාවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිනමන් ලයිෆ් සිටි ඔෆ් ඩ්‍රීම්ස් පරිශ්‍රයේදීයි.

මෙම එළිදැක්වීමට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ඉහළ තලයේ ප්‍රධාන විධායක නිලධාරීන්, අධ්‍යක්ෂවරුන්, ව්‍යවසායකයින්, ආයෝජකයින් විශාල පිරිසක් ද එක් ව සිටියා.

තුම්මුල්ල හන්දියේ පිහිටි මෙම තට්ටු 41කින් සමන්විත අධි සුඛෝපභෝගී ටුවින් ටවර් නිවාස සංකිර්ණය කොළඹ පිහිටි ප්‍රසිද්ධ ජාතික පාසල්, ජාත්‍යන්තර පාසල්, විශ්වවිද්‍යාල, රෝහල්, නවීන සාප්පු සංකීර්ණ, තරු පන්තියේ සුපිරි හෝටල් ඇතුළු කොළඹ නගරයේ ඉහළම ඉඩම් වටිනාකමකින් හා ඉහළම ඉල්ලුමකින් යුත් කේන්ද්‍රීයම ස්ථානයක පිහිටා තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ ආයෝජන අවස්ථා සඳහා හෝම්ලෑන්ඩ්ස් විසින් ආකර්ෂණීය හඳුන්වාදීමේ මිල ගණන් යටතේ අයෝජකයින් හට අවස්ථාව දී තිබෙනවා.

ඒ පහසු ගෙවීමේ ක්‍රම කිහිපයක් ද සමගින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
35
+1
2
+1
23
+1
4
+1
2
+1
2
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?