spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුළු දවසේ ම ප්‍රශ්න ඇසුවත් පිළිතුරු දීමට සුදානම්

පාර්ලිමේන්තුවේදී මුළු දවසේ ම ප්‍රශ්න ඇසුවත් පිළිතුරු දීමට තමන් සුදානම් බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී 2023.10.04 දින අවධාරණය කළේය. ස්ථාවර නියෝගවල ඇති එම අවස්ථාව ලබාදීම සිදු කළ යුත්තේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පක්ෂ නායක කමිටුව බව ඔහු කියා සිටියේය. එම ස්ථාවර නියෝගය ක්‍රියාත්මක කරවා ගැනීම පක්ෂ නායක කමිටුව තීරණය කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා පැවසිය. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ස්ථාවර නියෝගවල තිබෙන, ‘අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න’ නමැති අවස්ථාව ක්‍රියාත්මක නොවීම පිළිබඳ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විමසූ අවස්ථාවේදීය.

මේ සම්බන්ධයෙන් ස්ථාවර නියෝගවල මෙසේ සඳහන් වේ

“අග්‍රාමාක්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න

38, ( 1 ) සෑම මාසයකම පළමුවැනි රැස්වීම් සතියේ බදාදා වාචික පිළිතුරු අපෙක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති කාලය තුළ මිනිත්තු තිහක කාලයක්  ප්‍රශ්න හතරකට නොවැඩි සංඛ්‍යාවක් අග්‍රාමාත්‍යවරයාගෙන්  අසනු ලැබීම සඳහා වෙන්කරනු ලැබිය යුත්තේය. අග්‍රාමාත්‍යවරයා පළමු බදාදා පැමිණ නොසිටියි නම් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තත් කාර්යය සඳහා එම මාසය තුළ වෙනත් යෝග්‍ය දිනයක් තීරණය කරනු ලැබිය හැකිය.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?