spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුළුතැන්ගෙය තුළ දී 63 හැවිදිරි කතගේ ගෙළ කපලා (වීඩියෝ)

මහකනදරාව ප්‍රදේශයේ නිවසක් තුළ දී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

ඊයේ (17) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පරීක්ෂණ පවත්වන කල්ලන්චිය පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අංක 220, මහකනදරාව, දකුණු ඉවුර, රඹෑව ලිපිනයේ පදිංචිව සිටි චන්ද්‍රාවතී නැමැති 63 හැවිරිදි කාන්තාවක්.

කාන්තාව පදිංචිව සිටි නිවසට කිසියම් පුද්ගලයෙකු ඇතුළු වී ඇයගේ ගෙළ ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම අවස්ථාවේ දී අදාළ කතාව රැඳී සිට ඇත්තේ මුළුතැන්ගෙය තුළයි.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ පුතෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවයි කල්ලන්චිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

https://youtu.be/XvneUA3vm3Y
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?