AFC Banner
Empty Ad
Empty Ad

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා – කාර්යාල දුම්රිය සියල්ල ප්‍රමාදයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ (19) රාත්‍රියේ සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ඊයේ රාත්‍රී 07.15 ට දකුණු කළුතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්ව තිබුණා.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ මාර්ග දෙකම අවහිර තිබුණු අතර දුම්රිය පීලිගත කිරීම තවදුරටත් සිදුකරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.

කොළඹ දක්වා ධාවන වන දුම්රියන් මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බවත් කොළඹ සිට ධාවන වන දුම්රියන් ප්‍රමාද වී ධාවනය කරන බවත් දුම්රිය දෙපාර්තමේනතුව සඳහන් කර සිටියි.

මෙම දුම්රිය ප්‍රමාදය හේතුවෙන් ගාලු කොළඹ මාර්ගයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථවල දැඩි තදබදයක් නිර්මාණය වී ඇති බව ද වාර්තා වනවා.

image 16
image 15
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?