මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා – කාර්යාල දුම්රිය සියල්ල ප්‍රමාදයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ (19) රාත්‍රියේ සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ඊයේ රාත්‍රී 07.15 ට දකුණු කළුතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්ව තිබුණා.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ මාර්ග දෙකම අවහිර තිබුණු අතර දුම්රිය පීලිගත කිරීම තවදුරටත් සිදුකරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.

කොළඹ දක්වා ධාවන වන දුම්රියන් මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බවත් කොළඹ සිට ධාවන වන දුම්රියන් ප්‍රමාද වී ධාවනය කරන බවත් දුම්රිය දෙපාර්තමේනතුව සඳහන් කර සිටියි.

මෙම දුම්රිය ප්‍රමාදය හේතුවෙන් ගාලු කොළඹ මාර්ගයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථවල දැඩි තදබදයක් නිර්මාණය වී ඇති බව ද වාර්තා වනවා.

image 16
image 15
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44