Empty Ad
AFC Banner
Empty Ad

මුහුණු ආලේපන භාවිතා කිරීම හේතුවෙන් ජීවිත කාලයම පසුතැවීමට සිදුවේවී

නිසි දැණුවත් වීමකින් තොරව මුහුණු ආලේපන භාවිතා කිරීම හේතුවෙන් ජීවිත කාලයටම පසුතැවීමට සිදු විය හැකි බැවින් ආලේපන භාවිතා කිරීමේදී නිසි දැණුවත් භාවයකින් සිදු කළ යුතුව ඇති බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පවසයි.

සුන්දර පෙන්මක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් අපේ රටේ තරුණියන් මෙන්ම කාන්තාවන්ද විවිධ අලෙවි සැල් වල ඇති ආලේපන වර්ග මේ දිනවල භාවිතා කිරීම සුබල ක්‍රියාවලියක් වී ඇත.නමුත් එසේ භාවිතා කරන ආලේපන වර්ග ආරක්ෂාකාරී දැයි පරීක්ෂා කිරීම ඉතාමත්ම වැදගත් බවද විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පවසයි.

මුහුනේ ඇති අදුරු ලප කැළැල් හෙවත් pigmentation වලට සුදුසු ආලේපන බව පවසමින් විවිධ ක්‍රම උපායන් උපයෝගී කර ගනිමින් අනාරක්ෂිත ආලේපන වර්ග වෙළද පළ තුළ අලවි කරන බව විහේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පවසන්නීය.ඇය ඒ සම්බන්ධයෙන්ද මෙසේද සදහන් කරයි.

“වෙළද පළේ ඇති මෙම ආලේපන වල Hydroquinone 2%+ Tretinoin + Mometasone furoate යන ඖෂධීය රසායන වර්ග ඇතුලත් වෙනවා. මෙම ආලේපන කෙටි කාලයක් වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතා කළ යුතු ඖෂධයක් මිස රූපලාවන්‍ය ආලේපනයක් නොවේ. මේ ඖෂධය එක් වෙළද නාමයකින් පමණක් මෙරට ලියාපදිංචි කර ඇති අතර චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිසි දැණුවත් කිරීමෙන් අනතුරුව සීමිත කාලයකට පාවිච්චි කිරීමට නිර්දේශ කෙරෙනවා.

නොයෙක් ආකාරයේ ප්‍රවර්ධන කටයුතු මගින් විකිණීමට ඇති මේ අනෙකුත් වෙළද නාම අදාල සමාගම් විසින් මෙරට ලියාපදිංචි කළ ඒවා නොව නීති විරෝධී මාර්ග වලින් මෙරටට රැගෙන එන ඒවායි.ඒ නිසාම එවැනි ආලේපන භාවිත කිරීමේදී ඔබට ඇතිවන කිසිදු ගැටළුවකට ඔබට නීතිමය ආරක්ෂාවක් කොතැනකවත්ම නෑ.මේ ඖෂධය අඩංගු සමහර ඇසුරුම් වල වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිත කළ යුතු බවට අනතුරු ඇඟවීම් රතු පාටින් පළ කර තිබියදීත් රූපලාවන්‍ය වෙළදසැල් වල මේවා විකිණීමට තිබෙනවා.

ඊට අමතරව ස්ටීරොයිඩ් කාණ්ඩයට අයත් Clobetasol, Betamethasone, Mometasone යන ඖෂධ හෝ ඒවා අඩංගු ඖෂධ සම සුදු කිරීමේ අරමුණින් සුලබව භාවිත කරන බව ඔබ දන්නා කරුණක්.

සාමාන්‍යයෙන් රූපලාවන්‍ය ආලේපනයක වෙළද නාමයට පහලින් ඖෂධීය නාමය සටහන් කිරිමක් සිදු වන්නේ නෑ. එනිසා ඔබගේ ඉංග්‍රීසි භාෂා දැනුම අවම වුවත් මෙවැනි හානිකර ආලේපන හදුනා ගැනීමට ඔබට හැකියි.

මේ ඖෂධ දීර්ඝ කාලීන පාවිච්චිය නිසා සම තුනී ව,සම ස්ථිරවම රතු පාට වීම, සමේ ඇදීම් සළකුණු ඇතිවීම, කුරුලෑ ඇතිවීම සහ දිලීර ආසාදන ඇතිවීම වැනි බරපතල අතුරු ආබාධ වලට මුහුණ දීමට ඉඩ තිබෙනවා. ඔබ නිසි දැණුවත් වීමකින් තොරව මුහුණට ආලේප කරන දෙය ඔබට ජීවිතය පුරාවටම පසුතැවිලි වීමට හේතුවක් කර නොගන්න.ආලේපන භාවිතයේදී මනා දැනුවත් භාවයක් ඇතිව එය සිදු කරන්න.”

මුහුණ යනු කාන්තාවක් සතු සුන්දර වස්තුවකි.මන්ද සුන්දර මුහුණක් ඇති කාන්තාවක් දෙස දෙවරක් නොබලන්නට කිසිවෙකු අමතක නොකරන නිසාමය.ස්වාභාවිකවකම උපතින් අපට ලැබෙන මේ සුන්දර වස්තුව නොදන්නා සාත්තු සප්පායම් කරන්නට ගොස් හානි කර ගන්නේ ඇයිද යන්න කාන්තාවන් වරක් නොව,දෙවරක්,තෙවරක් සිතා බලන්නේ නම් මැනවි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
1
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංගීත ප්‍රසංගයට වැස්සෙන් බාධා - චාමර රණවක දෙපාරක් නොහිතා ග්‍රවුන්ඩ් එක මැදට පනියි
03:03
Video thumbnail
දරුවෙක්ගේ කකුළට කරපු දේට පාසලත් නිහඬයි - පොලිසියත් නිහඬයි
05:19
Video thumbnail
ඇමති නලින්ද එක්ක වර්ජනය ගැන කතා කරන්න ගිය වෘත්තිය සමිති ලොක්කෝ මාධ්‍ය මඟහැර හොරෙන්ම මාරු වෙයි
02:34
Video thumbnail
වාහන ආනයනකරුවන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
22:44
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
00:56
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
10:51
Video thumbnail
පාඨලී විශේෂ හෙළිදරව්වක් කරයි
00:59
Video thumbnail
අනුර කුමාර ජනාධිපතිතුමා කවදාවත් රනිල්ව අත්අඩංගුවට ගන්නේ නෑ
17:21
Video thumbnail
මම එක පෙලට තියලා දෙන්නේ ඔක්කෝටම - අසේල සම්පත් ට්‍රැක්ටරේට ගොඩ වුණේ මෙහෙමයි
22:05
Video thumbnail
අපිට කරන්න පුළුවන් දේ අපි කරලා පෙන්නන්නම් - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට අභියෝග කරයි
10:11

?