මුල්ලේරියාවේදී සිදුවූ පුද්ගල ඝාතනයට ආවේ 18 තරුණියක්?

මුල්ලේරියාවේදී සිදුවූ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හා 55 හැවිරිදි වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙක්.

මෙම සැකකාරියන් දෙදෙනා බොරැල්ල සහ මුල්ලේරියාව ප්‍රදේශවල පදිංචිකාරිනියන්.

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් ලද තොරතුරකට අනුව කළ විමර්ෂණයකදී සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරියන් හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 05 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඔක්තෝබර් මස 26 වනදා මුල්ලේරියාව මීගහවත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුල්වූ පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකෙරුණි.

එහිදී එම පුද්ගලයන් සම්පූර්ණ මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණ නිවසේ තුළට පැන වෙඩි තබා ඇත.

එම අවස්ථාවේ කාමරයේ පුද්ගලයන් දෙදෙනෙකු සිට ඇති අතර වෙඩි වැදීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්විය.

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුහුද මැදින් පාරක් හැදුවාට මාළුන්ට යන්න පුළුවන්, දුක් වෙන්න එපා
04:21
Video thumbnail
ඇදහැළුණු වැස්සේ අසරණ වුණු අහිංසක ජීවිත
01:46
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29


?