මුල්ලේරියාවේදී සිදුවූ පුද්ගල ඝාතනයට ආවේ 18 තරුණියක්?

මුල්ලේරියාවේදී සිදුවූ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හා 55 හැවිරිදි වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙක්.

මෙම සැකකාරියන් දෙදෙනා බොරැල්ල සහ මුල්ලේරියාව ප්‍රදේශවල පදිංචිකාරිනියන්.

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් ලද තොරතුරකට අනුව කළ විමර්ෂණයකදී සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරියන් හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 05 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඔක්තෝබර් මස 26 වනදා මුල්ලේරියාව මීගහවත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුල්වූ පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකෙරුණි.

එහිදී එම පුද්ගලයන් සම්පූර්ණ මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණ නිවසේ තුළට පැන වෙඩි තබා ඇත.

එම අවස්ථාවේ කාමරයේ පුද්ගලයන් දෙදෙනෙකු සිට ඇති අතර වෙඩි වැදීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්විය.

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42