මුතුරාජා ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු මුතුරාජා හස්තියා නැවත තායිලන්තයට ගෙන යාම නිසා ලංකාවට දෙස් විදෙස්හි වශයෙන් ලැබුණු අප්‍රසාදය සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වී තිබෙනවා.

මෙම හස්තියා නැවත තායිලන්තයට ගෙන ගියේ කොන්දේසි සහිතව ද යන්න සහ ‍එයට හේතු වු කරුණු පිළිබඳව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරියගෙන් කරුණු විමසනු ලැබුවා.

වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂික වාර්තා සලකා බැලීම සඳහා වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු අදාළ ආයනවල අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ ද සහභාගීත්වයෙන් මෙම කාරක සභාව පසුගියදා (18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී යි මේ පිළිබඳව සාකච්ඡා වූයේ.

එහිදී අනාවරණය වූ ආකාරයට 2001 වසරේදී තායිලන්ත රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු මුතුරාජා හස්තියා සන්නස් පත්‍රයක් මඟින් අළුත්ගම කන්දේ විහාරයට පෞද්ගලික පරිහරණය සඳහා ලබා දී තිබෙනවා. මෙම හස්තියා වන සත්ව හා වෘක්ෂලතා පනත යටතේ හීලෑ ඇතෙකු ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අංක 178 ගොනුව යටතේ යටතේ ලියාපදිංචි කර ඇති අතර පසුව පෞද්ගලික දේපලක් ලෙස සලකා ඇති බැවින් මෙම කරුණ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහ වනජීවී දෙපාර්තමේන්තුවේ පාලනයෙන් බැහැරව තිබූ බවටයි හෙළිවී ඇත්තේ.

මෙම ඇතා බලා ගැනීමේ දී සිදු වී ඇති අඩුපාඩු හේතුවෙන් ඇතාගේ සෞඛ්‍ය පිරිහී ඇති බවත්, ඒ මත පදනම්ව තායිලන්තයේ රාජ්‍ය නොවන සංවිධාන, සමාජ මාධ්‍ය නැවත ඇතා තායිලන්තයට ගෙන්වා ගන්නා ලෙස එරට රජයෙන් සහ මෙරට සිටින තායිලන්ත තානාපතිගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ තායිලන්ත තානාපතිගෙන් ලද ඉල්ලීම්වලට අනුව මේ සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මැදිහත් වු අතර ඇතා නැවත තායිලන්තයට ගෙන යන තුරු මුලික ප්‍රතිකාර කටයුතු ලෙස ඇතාගේ කකුල්වල පිටුපස තිබු තුවාලවලට ප්‍රතිකාර කර 90% වඩා සුව කරනු ලැබුවා.

නමුත් ඇතාගේ ඉදිරිපස පාදවල ඇති තුවාල සුව වීමට කාලයක් ගත වන අතර මෙරටට වඩා තායිලන්තයේ ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් ඇති බැවින් නැවතත් සුව වූ පසු ඇතා කන්දේ විහාරයට භාරදෙන බවට එහි නායක හිමියන්ට පොරොන්දු වී තායිලන්ත රජය විසින් රුපියල් මිලියන 220ක පමණ මුදලක් වැයකර වෙනම ගුවන්යානයකින් නැවත ඇතා තායිලන්තයට ගෙන යනු ලැබුවා.

නමුත් තායිලන්තයේ පරිසර අමාත්‍යවරයා විසින් මුතුරාජා හස්තියා යළිත් මෙරටට ලබා නොදෙන බව පැවසීමෙන් ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියක් මේ සිදු වීම තුළින් ඇති වු බැවින් මේ සම්බන්ධයෙන් සැබෑ ලෙසම වගකිව යුතු රජයේ ආයතනය පිළිබඳව කාරක සභාව විමසා තිබෙනවා.

මෙහිදී වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය ප්‍රකාශ කළේ ඇතා පෞද්ගලික පරිහරණයට විහාරස්ථානයකට ලබාදී ඇති බැවින් ඇතාගේ වගකීම ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහ වනජීවී දෙපාර්තමේන්තුවේ වගකීමෙන් බැහැරවන බවයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලද දැනුම් දීමට අනුව ඇතා ආපසු රැගෙන යාමට අවශ්‍ය පහසුකම් පමණක් තම අමාත්‍යාංශය සලසා දුන් බවයි ඇය කියාසිටියේ.

මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේ අලි ඇතුන් බැලීමට විදේශවල සිට සංචාරකයින් පවා පැමිණෙන, අලි ඇතුන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන අප රටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු ඇතා බලා ගැනීමට අපහසු වීම ගැටළුවක් බවයි.

ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා පශු වෛද්‍යවරුන්ගේ සහාය නිසි ලෙස ලබාගෙන ඒ සඳහා පහසුකම් සැලසීමට හැකියාව තිබුණද, තායිලන්ත රජයේ සහ එරට වැසියන්ගේ දැඩි බලපෑම මත ඇතා නැවත තායිලන්තයට ගෙන යාමට සිදු වු බව මෙහිදී බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර බලංගොඩ ප්‍රදේශයේ අලිවැට ඉදිකිරීමේදී මතු වී ඇති ගැටළු සම්බන්ධයෙන් ද කාරක සභාව සිය අවධානය යොමු කරනු ලැබුවා. දෙහිවල සත්වෝද්‍යානය තුළ අධික මිල ගණන්වලට පානීය ජල බෝතල් ඇතුළු පාරිභෝගික භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් යම් නියාමනයක් සිදු කළ යුතු බවත්, එහි සමනල උද්‍යානය සංචාරකයින් සඳහා වසර ගණනාවක සිට විවෘත නොවීම වැනි කරුණු ද මෙහිදී අවධානයට ලක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
5
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂය - දිලිත් සමඟ හදීසියේම හමුවක්..චානක, G.L. පීරිස් ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
02:20
Video thumbnail
රටේ ලග්නය බලපාන්නේ ජනාධිපති හරහා ජනතාවට..නැකැත් සීට්ටුව ලැබෙනකල් බලන් ඉන්න එපා
04:53
Video thumbnail
සජිත් දෙයක් කිව්වම අනේ ප්ලීස් එපා කිව්වා..කොහොමද අපේ ආණ්ඩුවේ - පම්පෝරිය කටේ
03:34
Video thumbnail
නැකත් නැති නොනගතේ නැකත් ඕනි කියන්නේ ලිත් මුදලාලිගේ සල්ලි..ඇයි මෙච්චර කැක්කුමක්..
09:21
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38