මුජිබර් රහුමාන්ට යැවූ පණිවුඩයක් ජනපති පාර්ලිමේන්තුවට හෙළි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙසට තමා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ට පණිවුඩයක් ද යොමු කර තිබූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මුජුබුර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙනාවේ තමා වන අතර ඔහු බිල්ලට දීමට යන බව තමා දැන සිටි බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ඒ හේතුවෙන් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙසට තමන් උපදෙස් දුන් බව ජනාධිපතිවරයා සඳහන් කළා.

ඔහු පාර්ලිමේන්තුවේ තබා ගන්නට තමා උත්සාහ කළ අතර ඒ සම්බන්ධයෙන් තවත් අදහස් නොදක්වන බව ද කියා සිටියා.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවේ පුරපති ධුරයට තරග කිරීම සඳහා මුජිබර් රහුමාන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් පසුගියදා ඉල්ලා අස් වුණා.

එමෙන්ම පළාත් පාලන මැතිවරණයට දින නියම කර නොමැති බවයි ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

මාර්තු 9 වැනිදා මැතිවරණය පැවැත්වෙන දිනය ලෙස මැතිවරණ කොමිෂන් සභාව අදහස් දැක්වුව ද ඒ දිනය විධිමත් ලෙස තීරණය කර නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නොමැති අතර මුදල් තිබුණ ද ජන්දයක් නොමැති බවයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
4
කුජීතයි !
3
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?